*
Saturday, October 19, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/19

1. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය 77 වැනි ජන්මදිනය ආගමික වතාවත් වල නියැලෙමින් පවුලේ ඥාතීන් සහ හිතවතුන් සමඟින් සමරයි – ඔහුට සුබ පැතීමට විශාල ජනකායක් සිය උපන් ගම වන තංගල්ලට පැමිණෙමින් සිටින අයුරු දැකගත හැකි විය.

2. බොහෝ කාලයක් බලා සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ගිවිසුම 2023 මැද භාගය දක්වා ප්‍රමාද විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ප්‍රකාශ කරයි – එසේ වුවහොත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහය පතා මාස 15කට වැඩි කාලයක් ගතවනු ඇත – මීට පෙර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආධාර ඉතා කෙටි කාලයකින් ලැබෙනු ඇතැයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර තිබූ බව ද සිහිපත් කළ යුතු ය.

3. නිලධාරීන් කිහිප දෙනෙකු විසින් රට බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීම පාර්ලිමේන්තුව අනුමත කර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති‍ පා.ම. වජිර අබේවර්ධන ප්‍රකාශ කරයි – බොහෝ රටවල අදාළ බලධාරීන්ගේ අනුමැතිය නොමැතිව එවන් ක්‍රියා කරන පුද්ගලයන් සිරගත කරන බව ද පවසයි – මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස ද ඉල්ලා සිටියි – ආර්ථිකය පාලනය කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බවත්, එය විදේශ බලවේගවලට කිරීමට ඉඩලබා නොදිය යුතු බවත් අවධාරණය කරයි – පොලී අනුපාත සීමා කරන ලෙසත් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටී.

4. 2023 අයවැයෙන් රජය තාරුණ ප්‍රජාව නොසලකා හැර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවාගෙන් ප්‍රකාශයක්! – ජනගහනයෙන් සියයට 50 ක් අවුරුදු 35 ට අඩු අය බවත්, සියයට 25 ක් වයස අවුරුදු 15 ට අඩු අය බවත් සිහිපත් කරයි – තාරුණ්‍යයේ අවශ්‍යතා සහ ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු නොකර රට ඉදිරියට යා නොහැකි බව ද අවධාරණය කරයි.

5. හිටපු මුදල් අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය – ඔහු පැමිණීමෙන් පසු පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට ද අපේක්ෂා කෙරේ.

6. MV X-Press පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සිංගප්පූරුවේදී නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව පරිසර යුක්ති කේන්ද්‍රයේ (Centre for Environmental Justice) සභාපති රවීන්ද්‍රනාත් දාබරේ ප්‍රකාශ කරයි – මීට අදාළව සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණයට යන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට උපදෙස් ද ලබා දී ඇත.

7. මිනුවන්ගොඩදී සිදු වූ වෙඩි හුවමාරුවකදී කුප්‍රකට පාතාල මැරයකු වන ඌරගහ ඉන්දිකගේ ගෝලයන් දෙදෙනකු යැයි කියන පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් මරුට! – එක් පොලිස් නිලධාරියකුට තුවාල!

8. මහ බැංකුවෙහි භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට සාපේක්ෂව වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යටතේ සියයට 55කින් විශ්මයජනක ලෙස ඉහළ ගොස් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි – “මුදල් මුද්‍රණය” උද්ධමනයට හේතුවන බවට එවකට තර්ක ඉදිරිපත් වූ මුත් වර්තමානයේ එසේ නොවන බව ද සිහිපත් කරයි.

9. කොළඹ කොටස් වෙළඳපලෙහි, සියලුම කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 217කින් 7,818 දක්වා පහත වැටී වැසී යයි – මෙය 2022 අගෝස්තු 01 වැනිදා සිට වාර්තා වූ පහළම අගය වේ – මෙම කඩා වැටීම සිදුවන්නේ අඛණ්ඩව පස්වෙනි වතාවටයි – අධික බදු සහ ගාස්තු, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රජයේ අවිනිශ්චිත ස්ථාවරය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ගනුදෙනුව සම්බන්ධයෙන් අසම්පූර්ණ තොරතුරු නිසා මෙසේ සිදුව ඇති බවට තැරැව්කරුවෝ පවසති.

10. “Dating App” එකක් හරහා හඳුනා ගත්තේ යැයි පවසන ඕස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අපයෝජන කළ බවට චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප! – තම ඇප කාලය තුළ ධනුෂ්ක ශ්‍රී ලාංකික ධනවතකුගේ නිවසක නැවතී සිටීමට නියමිත ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan