මාරවිල බෝට්ටු අනතුරක්! ජපන් ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අතුරුදන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (19) අළුයම මාරවිල, මුහුදුකට්ටුව ප්‍රදේශයේ දී බෝට්ටුවක් පෙරළී යාමෙන් ජපන් ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අතුරුදන් වී ඇති බව පොලීසිය දැනුම් දෙයි.

ඊයේ (18 ) දින සවස 05.30ට පමණ බිලී කොකු දමා මසුන් මැරීමට කුඩා ඩිංගි බෝට්ටුවකින් ජපන් ජාතිකයෙකු ඇතුළු 05 දෙනෙකු මුහුදට ගොස් ඇත්තේ මාරවිල – කුරුස පල්ලිය ආසන්නයෙහි මුහුදෙනි.

අනතුරුව, එම පිරිස මසුන් මරමින් සිටින අතරතුර ඇති වූ වැසි තත්ත්වය සමඟ බෝට්ටුව මුහුදේ පෙරළී ගොස් ඇති අතර, අතුරුදන් වී ඇති බව කියන බෝට්ටුවේ හිමිකාරිනිය වන මාරවිල – උතුරු මූදුකටුවේ පදිංචි ශ්‍රියානි ජීවනී ප්‍රනාන්දු යන අය විසින් ඒ බව අද (19) දින අලුයම 03.30ට පමණ මාරවිල පොලීසියට දැනුම් දීමට කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.

බෝට්ටුව පදවා ගෙන ගිය අය විසින් මේ බව දුරකථන පණිවුඩයක් මඟින් ගොඩබිම සිටින තවත් ධීවරයෙකුට දැනුම්දීමට කටයුතු කර ඇති අතර, බෝට්ටුව පෙරළී ගිය බව කියන ප්‍රදේශයට ගොස් ඇති තවත් පිරිසක් විසින් බෝට්ටුව පදවා ගෙන ගිය අය ව බේරා ගෙන ගොඩ බිමට ගෙනවිත් ඇති බවද සඳහන් වේ.

බෝට්ටුවේ සිටි සෙසු සිව්දෙනා අතුරුදන් වී ඇති බවත්, පිරිස සොයා නාවික හමුදාවේ සහාය ඇති ව මෙහෙයුමක් දියත් කිරීමට කටයුතු කර ඇති බව මාරවිල පොලීසිය වැඩි දුරටත් පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...