වතු කම්කරුවන් වෙනුවෙන් පැල්පත් නිවාස වෙනුවට අංග සම්පූර්ණ නිවාස 30ක්!

Date:

කොළඹ LNW: නුවරඑළිය,නානුඔය,ක්ලැරන්ඩන් වත්තේ ඉදි කරන ලද අංග සම්පුර්ණ වතු නිවාස 30 ක් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කර තිබේ.

එම වතු යායේ ඉතාමත් අඩු පහසුකම් සහිත පැල්පත් නිවාසවල ජීවත් වු වතු කම්කරු පවුල් 30 ක් සඳහා පානීය ජලය, විදුලිය, මාර්ග ආදී සියලුම යටිතල පහසුකම් වලින් සමන්විත මෙම නව නිවාස ලබාදීමට පියවර ගෙන තිබුණි.

මෙම සියලුම නව නිවාස සඳහා ස්ථීර තැපැල් ලිපියනයන් සහිත තැපැල් පෙට්ටියක්ද ස්ථාපිත කොට ඇති අතර, වතු යටිතල සංවර්ධන පහසුකම් අමාත්‍යංශය මගින් වතු නිවාස ඉඳි කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදී ඇත.

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන්, ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. රාජතුරෙයි, ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සංවිධායක ඒ. පී. ශක්තිවේල් යන මහත්වරුන් හා වතු නිවාසලාභීන් ඇතුළු වතු කම්කරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය විසින් යුරෝපීය සංගමයට අනුබද්ධිත හමුදාවන් ත්‍රස්තවාදී කණ්ඩායම් වශයෙන් නම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා යුරෝපා සංගමය...

සමාජය පෝෂණය කරන FIFA සංකල්පය FIFA Arena මීගමුවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: මීගමුව ලාංකේය පාපන්දුවේ නව...

විගණකාධිපති ධුරය : ජනපතිගේ යෝජනාව ගැන අවසන් තීරණය නැවතත් කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර...