ආර්ථිකය විතරක් ගොඩනඟාගෙන වැඩක් නෑ – ඇමති සුනිල් සෙනවි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මුළු මහත් ශ්‍රී ලාංකික ජන ප්‍රජාවගේම සංස්කෘතික ජීවිතය උදාර සංස්කෘතික ජීවිතයක් දක්වා ඔසවා තැබීමට තම රජයට හැකි වෙතැයි ඉහළම විශ්වාසයක් පවතින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි.

“බිඳ වැටුණු ආර්ථිකය, භෞතික ජීවිතය තරමක් ඉක්මනින් හෝ පසුවී අපේ රජයට ගොඩගන්න වර්ධනය කරන්න ස්ථාවර කරන්න පුළුවන් වේවි. අපේ මුළු මහත් ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලුම ජන ප්‍රජාවගේ ජීවිතය සංස්කෘතික වශයෙන් බෙහෙවින් අගාධයකට ඇද වැටිලා තිබෙනවා, ඇද දමලා තිබෙනවා. ඇද වැටෙන හැටි බලන් ඉඳලා තිබෙනවා. ඒ නිසා මං හිතන්නෙ මට ලොකුම බලාපොරොත්තුවක්, ලොකුම විශ්වාසයක් තිබෙනවා මුළු මහත් ශ්‍රී ලාංකික ජන ප්‍රජාවගේම සංස්කෘතික ජීවිතය උදාර සංස්කෘතික ජීවිතයක් දක්වා ඔසවා තබන්න අපට හැකිවේවි කියලා. මේ ආර්ථිකය විතරක් ගොඩනඟාගෙන ඵලක් නෑ කියන එක තමයි මගේ වැටහීම. ඉතින් මේ මහත් කාර්යයට විශාල සහයෝගයක් වුවමනා වෙනවා”

හිනිදුම සුනිල් සෙනවි මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 19) දිනයේදී සිය අමාත්‍ය ධුරයෙහි වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...