චතුරංගට සහ හේවගේටත් ප්‍රබල නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ?

Date:

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරංග අබේසිංහ මහතාට ද ප්‍රබල නියෝජ්‍ය අමාත්‍ය තනතුරක් හිමිවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඔහු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයකු නිසා බොහෝදුරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ පවතින ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරය ඔහුට ලබාදෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

චතුරංග අබේසිංහගේ පියා වන ජාජබ මහලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් නොලැබුණේ ද චතුරංගට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදීමට නියමිතව ඇති නිසා බවත් ආරංචිමාර්ග පැවසීය.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප හිමිකර ගත් නලින් හේවගේ මහතාට ද ප්‍රබල නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබෙනු ඇති බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානය සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරයි

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ...

පහව නොගිය අවදානම – දිස්ත්‍රික්ක 4ක් නාය යාමේ රතු නිවේදන තවදුරටත්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිස්ත්‍රික්ක හතරකට නිකුත් කර තිබූ නාය යෑමේ...

එක්සත් ජනපදය වෙනිසියුලාවට ඔබ්බෙන් තෙල් නැවක් අල්ලා ගැනීමෙන් පසු තවත් නැවු හයකට සම්බාධක පනවයි

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :...

27 වැනි වරටත් පැවැත්වුණු ජනාධිපති අපනයන සම්මාන උළෙල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...