*
Monday, December 9, 2024
spot_img

Latest Posts

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩවාට බිහාර් ප්‍රාන්තයෙන් වැටෙන සූර්යාලෝකය – විභාව් සූර්යවංශි

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 20,(LNW) කොළඹ :

මේ වෙලාවෙ ක්‍රිකට් ලෝකයම පුදුම කරන කොල්ලෙක් බිහාර් ප්‍රාන්තයෙන් මතු වෙලා.තවම හරියට අවුරුදු 13 සම්පූර්ණත් නැහැ.ඒත් පොඩ්ඩා දැනටමත් රංජි කුසලාන තරගවල කැපී පෙනෙන තරුවක් වෙලා.ඉන්දියාවේ අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ඕසට්‍රේලියා අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පන්දු 58 න් ශතකයක් අර ගනිද්දිම මේ පොඩ්ඩා ගැන ලෝකය විශ්මයට පත් වෙන්න ගත්තා.


විභාව් සූරියවංශි නම් මේ කොලු ගැටයා දැන් අයිපීඑල් වෙන්දේසියටත් ඇතුළත් වෙලා.බොහෝ විට හොඳ ලන්සුවකට විකිණෙන්න ඉඩ විශාලයි.ඒ ඉල්ලුම තව දුරටත් වැඩි කර ගෙන තමන්ගේ හැකියාව වටිනා මැණික් ඇති ඉල්ලමක් කර ගන්න විබාව් ට අලුතෙන්ම ලැබුණු හොඳම අවස්ථාව අවුරුදු 19 න් පහළ ඉන්දීය කණ්ඩායමට ලෝක කුසලානය නියෝජනය කරන ඔහුව කැඳවා තිබීම.
අයිපීඑල් සඳහා වෙන්දේසි කරන්න යෝජනා වෙච්චි ලාබාලතම ක්‍රීඩකයා ඔහුයි.ඒ වගෙම රංජි කුසලාන ඉතිහාසයේ පළමු පෙළ තරගයක් නියෝජනය කළ ලාබාලතම ක්‍රීඩකයින් අතර විභාව් දෙවන වන්නේ මීට බොහෝ කලකට පෙර ක්‍රීඩා කර තිබෙන අලිමුදීන්ට පමණයි.ඔහු එම අවස්ථාව ලබන විට අවුරුදු 12 දින 73 ක් ව තිබුණු අතර විභාව් ඒ දේ කරේ අවුරුදු 12 දින 284 ක් ගෙවුණු දා ය.


බිහාර් ප්‍රාන්තයේ,ටාජ්පූර් ගම්මානයේ උපන් විභාවි, ගොවි පවුලක දරුවෙකි.සංජීව් නම් ව ඔහුගේ පියා කුඩා කල සිටම සිය පුතාගේ ක්‍රිකට් හපන්කම පොළව කියවා ගන්නා ගොවියෙකු මෙන්ම කියවා ගෙන ඇත.ඒ නිසා සරුවට වැඩෙන්නට පොළව සකස් කර දීමට ගොවිතැනට ඇති බිමෙන්ම ඉඩක් ඔහුට වෙන් කර දී ඇත.කුඩා කළ සිටම වත්තේ සැකසුණු තණතීරුවක් ඔහුට ආශිර්වාදයක් සේ පියාගෙන් උරුම වී තිබිණ.


මේවා මතින් ලෝකයට ඇවිද එන්නට විභාව් සූරියවංශි වැඩි කාලයක් ගත කර නැත.තාත්තාගේ තණතීරු දායාදය ලැබීමෙන් ඉනික්බිති,අවුරුදු නවයේදී ඔහු සමස්තිපූර් හී ක්‍රිකට් ඇකඩමියට සම්බන්ධ වන්නේය.ගොවි සාත්තුව ලද වැඩුණු මේ පැලය කෙතරම් පොහොසත් ද යන්න තේරුම් ගැනීමට එහි සිටි රංජි කුසලාන අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකුව සිටි,පුහුණුකරු මනීෂ් ඕජාට හොඳින් අවබෝධ විය.ඒ නිසා ඉතා ඉක්මණින් ක්‍රිකට් සාත්තුවත් සමඟ මේ පැලය මහා රුක්ෂයක අනන්‍යතාවය පෙන්වමින් වැඩිණි.


ඉතාම සුළු කාලයක් ඇතුළත මේ පොඩි දරුවා අවුරුදු 19 න් පහළ පමණක් නොව,අවුරුදු 23 න් පහළ ද කණ්ඩායම්වලට නැතුවම බැරි ක්‍රිඩකයෙක් විය.වැඩ වැඩි වෙද්දී,කාර්ය බහුල වෙද්දී විබාව් ගේ පුංචි ඔළුව සිතා ගන්න බැරි ඇගයීම් ලැබීම ගැන පුහු ආඩම්බරයෙන් පිරෙනවා වෙනුවට,තව තවත් කැපවීම්වලින් ජයග්‍රහණ සොයන තැනට පත්විණි.ඉලක්කවල දිග පළල වැඩි විය.ඒවා ලබා ගන්නට විභාව් හොඳින් මහන්සි වෙන්නට,දරා ගන්නට පුරුදු පුහුණු විය.මේ තරම් දක්ෂතා දක්වන්නට ඔහුගේ පුංචි සිරුර සූදානම් කර ගැනීමට අවශ්‍යය තරමටම ඔහුගේ චින්තන රටාවද,සංයමය සහ ශික්ෂණයද සමඟින් මනස ද පරිණතභාවයට පත් කර ගන්නට විභාව් ට හැකි විය.


එසේම ඔහු සිය අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට ඩුබායි බලා යන ඉන්දීය සංචිතයේ තැනක් හිමි වූ බව දැනගත් පළමු මොහොතේම එය සිය පියාට දුරකතනයෙන් දන්වන්නට තරම් ආදරණිය පුතෙක් වී ඇත.එහි ඇති කෘතවේදීත්වයද පිය ගෞරවය තරමටම කියවා ගැනීම වැදගත්ය.පවුලක ගොවි බිමක,වවන්න තියෙන ඉඩක් දරුවෙකුගේ හැකියාව ගැන විශ්වාසයෙන් ගොවිතැන නොවන දෙයකට ආයෝජනය කළ පියෙක් හැටියට සංජීව් මෙන්ම ඒ කැපකිරීම, ඒ වෙන් කළ ඉඩට වඩා ලාභදායි ආයෝජනයක් බව මුළු ඉන්දියාව පමණක් නොව ලෝකයම කියවා ගනිමින් සිටින මොහොතක් කරන්නට අද වන විභාව් සමත්ව ඇත.


මේ සාර්ථකත්වය පිටුපස විභාවි ගේ තාත්තා මෙන්ම මතීෂ් ඕජා ද,බිහාර් ප්‍රාන්ත ක්‍රිකට් පරිපාලනය ද සිටින්නේය.විශේෂයෙන් එහි සභාපති රකේෂ් කුමාර් තිවාරි,බිහාව් ගේ පරිණතකම දැක ඊට ආශිර්වාදයක් වෙමින් ඉහළ කණ්ඩායම්වලට ක්‍රීඩා කරන්නට දුන් අවස්ථාවන්ද සහ මැදිහත්වීම් ද සුවිශේෂී එකක්.ඒ නිසාම 2024 ජනවාරි මස මුම්බායි සමඟ රංජි කුසලාන තරගයේදී බිහාර් කන්ඩායම නියෝජනය කරමින් සිය පළමු පෙළ තරග ප්‍රවේශය සටහන් කළ විභාව්,වසරක් යන්නට මත්තෙන් ලෝකයම කතා වෙන මාතෘකාවක් වි ඇත.


සචින් තේන්ඩුල්කාර් වැනි ඉන්දියාව දුර තියා හැඳිණ රැකගත් ලෝක පූජිත ක්‍රීඩකයාද සිය පළමු පෙළ තරගයට පිවිස ඇත්තේ අවුරුදු 15 දී ය.ඒ ආකාරයටම ඉන්දීය ක්‍රිකට් පරිපාලකයෝ ඉතාම වගකීමෙන් මේ අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයට යන ක්‍රීඩකයා ගැන ද විමසිල්ලෙන් රැක ගන්නට සහ හදන්නට කටයුතු කරන බව සැක නැත.විභාව් සූර්යවංශිගේ ඉලක්ක බොහෝ දුරට විහිදුණු සිහිනවලින් පිරී ඇත.බ්‍රයන් ලාරා ඔහුගේ වීරයාය.ලකුණු 400 ලාරා ගේ සුපිරි ඉණිම මෙන්ම ඒ ක්‍රීඩා රටාව සාර්ථකව නඩත්තු කිරීම ද සිහින අතර විහිද ඇති,ඉන්දීය ක්‍රිකට් අනාගතයට පලදායීම දෙයක් වනු ඇත.


ඇත්තටම අද දවස විභාව් නම් විශ්මය ගැන ලියන්නට දේ මදිය.ලියන්නට ඇත්තේ රහ කරන්නට ඇත්තේ ඔහුගේ වයස සහ දස්කම් අතර සාධක පමණි.එහෙත් මේ 13 හැවිරිදි ක්‍රීඩකයා ඉදිරියේදී වයසත් සමඟ ක්‍රීඩාවෙන්ද මීටත් වඩා මුහුකුරා ගිය දස්කම් සහිතව දක්වන විස්කම් ගැන ලියන්නට ක්‍රිකට් ලෝකයට පොත් ගණන් දේ එකතු වෙනු ඇත.අපි විභාව් දෙස තව තවත් ලොව පිනවන සුපිරි පිතිකරුවෙක් වෙන අයුරු බලා සිටිමු.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan