රවීගේ මන්ත්‍රී ධුරය ගැන පක්ෂ ලේකම්ගෙන් කරුණු පැහැදිලි කිරීමක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් රවී කරුණානායක මහතාව පත් කළේ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී / විධායක කමිටුව නොවැම්බර් 17 වනදා රැස්වී ඒකමතිකව ගත් තීන්දුවකට අනුව බව එම පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය පවසයි.

2024 මහමැතිවරණයට තරග කිරීම සඳහා පොදුජන එක්සත් නිදහස් පෙරමුණ (කුසලානය), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ (පුටුව), නව සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග සන්ධානගත වූ අතර ඒ සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බවත් එම ගිවිසුමේ 05 වන උපලේඛනය අනුව මැතිවරණ ප්‍රතිඵල පරිදි ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලින් අවම වශයෙන් එක් ධුරයක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟ වී ඇති බවත් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය සඳහන් කරයි.

රවී කරුණානායක මහතාව මන්ත්‍රී ධුරයක් සඳහා පත් කෙරුණේ අවබෝධතා ගිවිසුම විසින් ලබාදී ඇති එකී අයිතිය අනුව වන අතර ගිවිසුමට පරිබාහිරව හෝ ඊට හානිවන කිසිවක් තමන් විසින් සිදුකර නොමැති බවයි ලේකම්වරිය අවධාරණය කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...