හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු – නීතිපති දැනුම් දෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2023 වසරේදී ලන්ඩනයේ සිදුකළ සංචාරයක් සඳහා රජයේ මුදල් අවභාවිතා කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඇති නඩුවේ විමර්ශන මාසයක් තුළ අවසන් කර ඉහළ අධිකරණයක නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ නඩුව මෝසමක් මාර්ගයෙන් ඊයේ (19) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුවට අදාළව තමන්ට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීම සඳහා ඊයේ මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබිණි.

කෙසේවෙතත් නඩුවේ විමර්ශන කඩිනමින් අවසන් කරන බව පැමිණිලිකාර පාර්ශ්වය විසින් අධිකරණය හමුවේ පැවසීම හේතුවෙන් සිය සේවාදායකයාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත්කරන ලෙස කර තිබූ ඉල්ලීම ඉවත්කර ගැනීමට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පියවර ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ ලකුණු – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග...

විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍යට එරෙහි "රටම එකට" ජාතික...

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...