නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW:
පාසල් පැසි පන්දු ක්‍රීඩාවේ තත්ත්වය ගැන පෙන්වා දෙන කරුණු ගැන අධ්‍යාපන අමාත්‍යංශය හෝ එහි දේශපාලන බලධාරීන්ට වගේ වගක් නැති හැඩය.සුළු කාලයකට හෝ ක්‍රීඩා අමාත්‍ය ධූරයද ආවරණය කළ හරිනි මේ තත්ත්වයන් නොසළකා හරින්නේ ඇයි ද යන්න සැක සහිතය.සමහර විට ක්‍රීඩාව සමඟ කාලයක් ගත කර ඇති අය නේවා දෙන කරුණු අග්‍රාමාත්‍යතුමිය වෙත යොමු කරන්නේ නැද්ද යන්න හෝ අග්‍රාමාත්‍යතුමිය ක්‍රිඩාව වැනි විෂයන් ගැන එතරම් අවධානය යොමු කළ යුතු බවක් නොසිතන්නේ ද යන්නත් තේරුම් ගන්නට නොහැකිය.
රටේ මීට වඩා වැඩ තියෙනවා බලන්න පාසල් පැසි පන්දුවලට මොනවා වුණත් කමක් නැහැ යන ප්‍රතිපත්තියෙන් හරිනි අමරසූරිය මේවා නොසළකා හරිනවාද යන්න දන්නේ ඇයමය.එසේත් නැතිනම් මේ කරුණු ඇයගේ ඇස නොගැටී අතරමඟ නවතින්නේ ද නැද්ද යන්න සොයා බැලිය යුත්තේ ද ඇයය. එහෙත් ප්‍රමිතිගත නොවන ක්‍රීඩාවක තමන්ගේම වරදින් කොටසක් කල් දමා අවසාන තරග පවත්වන්නට අද දවස සූදානම් වී ඇත.මේ පාසල් ක්‍රීඩාවට කරන අසාධාරණය නොසළකා ඒ වෙනුවෙන් ප්‍රශස්ති ගයන්නටත්,ගරුසරු ඇතිව ත්‍යාග ප්‍රදානයට එක්වීමටත් අධ්‍යාපන අමාත්‍යංශයේ මහත්වරු සහ නෝනවරුද අද සුගතදාසයට එන්නත් ඉඩ ඇත.
මේ වන විට විනිශ්චයේ දුර්වලකම් නිසා අන්තර් පාසල් 17 න් පහළ තරගාවලියේ නිසි අවසාන තරගයක් නැති තත්ත්වයට පත්ව ඇත.ඊට හේතුව මහනුවර මහමායා විද්‍යාල අතර පැවති තරගයේ දුර්වල අවසාන තීරණයන්ය.විනිශ්චය නුසුදුස්සන් යොදා ගැනීම මෙන්ම තාක්ෂණික කමිටුව විසින් ගනු ලබන අවසාන තීරණයන් ද ඇල් මැරුණු ස්වභාවයක් ගන්නේය.මහමායා විද්‍යාලයට අසාධාරණයක් සිඳුවන ලෙස ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සමඟ පැවති තරගය නිමා විය.එයට මහමායා විද්‍යාලයෙන් මතු වූ විරෝධය සමඟ දෙපැත්තම බේරා ගන්නා මට්ටමේ යෝජනාවක් පාසල් පැසිපන්දු සංගමයෙන් පැමිණි අතර එයට දැන් ජයග්‍රාහී කණ්ඩායම අකමැතිය.එම පාසලට වැරදි කියන්නට නොහැකි වී ඇත්තේ එහි මුලට ඇත්තේ පාසල් පැසි පන්දු සංගමයේ වැරද්දක් නිසාය.පාසල් දෙකම ඉහළ මට්ටමේ පාසල් නිසා පාසල් සංගමය සිටින්නේ තමන්ගේ වරදින් එම පාසල් දෙක ආරක්ෂා කර ගන්නේ කෙසේද යන උභතෝටිකය මැදය.
මේ සමග දක්වා ඇති පිංතූරයේ දැක්වෙන්නේ පෙරේදා (නොවැම්බර් 18) වන විට කණ්ඩායම් ලබා තිබුණ ස්ථාන ගැන නිකුත් කළ නිවේදනයය.එහිදී ගේට්වේ ජාත්‍යන්තර පාසල සිටින්නේ තෙවන තැනය.එහෙත් ඔවුන් දෙවන තැන සිටිය යුතු බව පෙන්වා දී ඇත.මේ වන විට නැවත මෙම සටහන ඉවත් කර ඔවුන් දෙවන තැනට ගෙනවිත් ඇත.
ගේට්වේ ජාත්‍යන්තර පාසල වැනි පාසලකට ඇති සමාජ බලය මත එසේ සාධාරණය ලැබුණ ද,අඩුම තරමේ පාසල් පැසි පන්දු සම්මේලනය තමන් නියමිත වේලාවට නොදැන්වීම නිසා තරගවලට සහභාගි වීමේ දුශ්කරතාවලට මුහුණ දෙන පාසලකටවත් මේ ආකාරයෙන් සළකන්නේ නැත.පාසලේ තත්ත්වය මත වෙනස් වෙනවා විනා කුඩා නැඟී එන කණ්ඩායම් සහිත දුශ්කරතා ඉහවහා ගිය පාසල් සම්න්ධයෙන්නම් මේ ආකාරයට පාසල් සම්මේලනය නම්‍යශිලී නොව බව පැහැදිළිය.
පැසි පන්දු විකුණා ගැනීමේ ව්‍යාපාරය සාර්ථක කර ගැනීම හැරෙන්නට පාසල් පැසි පන්දු සංගමයට වෙනත් බලාපොරොත්තුවක් දකින්නට නැත.මේවා ට නිහඬව අනුබල දීම යනු ව්‍යාපාරයකට හවුල්වීමක්ය.මේ ගැන සොයා නොබලන්නේ ව්‍යාපාරයක හවුල්කරුවන්ද යන්න සොයා බැලීම කළ යුතුව ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ දේශපාලන නායකත්වයය.ක්‍රිඩාවක අනාගතය පාසල් මට්ටමේ ව්‍යාපාරයක් විසින් නසා දැමීම එම ක්‍රීඩාවට සිඳු කරන ව්‍යසනයක් බව නොකියා බැරිය.එහෙත් ඒ ගැන නෑසු කන්ව නොදුටු නියාව අධ්‍යාපන අමාත්‍යංශය නිද්‍රාශිලීව සිටින්නේ මන්ද යන්න අග්‍රාමාත්‍යතුමිය විසින් සොයා බැලිය යුතුය.එය අපහසු නැත.අප විසින් පෙන්වා දුන් කරුණු විමසා බලන්නට තේරුම් ගන්නට යන්නේ සුළු වේලාවක්ය.ඉතා සුළු කාලයකින් විසඳිය හැකි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් තරමට මේ සම්බන්ධව අප ඉදිරිපත් කළ සටහන්වල සාධක සහිතව තොරතුරු දක්වා ඇත.
හොඳම නිදසුන මේ සංවිධානයේ වරදින් පාසල්වලට සිඳු වී ඇති අසාධාරණය නිසා අද ඔවුන්මට එල්ල වී ඇති විරෝධතා නිසා කාන්තා තරග පැවත්වීමට නොහැකි වී තිබීමය.මේ සියල්ලට ඌවේ සිට වැඩම කරවා තනතුරක් දී සංගමයේ පටු උවමනාවන්ට අනුව හසුරුවමින් සිටින පුද්ගලයාව ප්‍රයෝජනයට ගනිමින් සිටින අතර අවසන් තරග නොපැවත්වෙන බව සහ විරෝධතා ඉදිරිපත් වී ඇති බව දන්වන්නේ ඔහුය.අප එයද මෙහි සටහන් කරන්නෙමු.
//පැවති තරග කිහිපයකට එරෙහිව ඇති විරෝධතා හේතුවෙන් එම කාණ්ඩවල ඉතිරි තරග නැවත දැණුම් දෙන තුරු කල් දමා ඇත.//
බදුල්ලේ හාදයාම මෙසේ දැණුම්දෙමින් පවසන්නේ ඔවුන් විසින් පිළිගත හැකි විරෝධතා මතු කරන ආකාරයෙන් තරග සංවිධානය කළ බවය.එහෙත් අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් විරෝධයක් නැත.නිවැරදි පිළිගත් විනිසුරුවන් නොයෙදවමින් පාසල් සිසුන් පවා විනිශ්චයට යොදවා ගනිමින් තරග පැවත්වීමේන් ක්‍රීඩාවට අත්වන අගතිය ගැන අධ්‍යාපන අමාත්‍යංශයට වගේ වගක් නැත.
