ඩොනල්ඩ් ට්‍රම්ප් එප්ස්ටයින් ලිපිගොනු නිදහස් කිරීමේ පනතට අත්සන් තබයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අපකීර්තියට පත් කුප්‍රකට ලිංගික අපරාධකරුවෙකු හා මූල්‍ය වංචාකරුවකු වූ ජෙෆ්රි එප්ස්ටයින්ට අදාළ ලිපිගොනු නිකුත් කිරීම සඳහා නියෝග කරන පනතකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් තබා ඇති බව වාර්තා වේ.

පසුගිය කාලය පුරාම මෙම ලිපිගොනු නිදහස් කරන ලෙස රටතුල විශාල ජනමතයක් හා ට්‍රම්ප්ගේ පරිපාලනයට එරෙහිව විරෝධත්වයක් නිර්මාණය වී තිබු අතර දේශපාලනය, ව්‍යාපාර සහ විනෝදාස්වාදය යන ක්ෂේත්‍රවල ප්‍රභූන් සමඟ ජෙෆ්රි එප්ස්ටයින්ගේ සම්බන්ධතා පිළිබඳ විස්තර හෙළි කරන ලෙස ජනතාව ඉල්ලා සිටින ලදී.

ලිපිගොනු නිකුත් කිරීමේ පියවර නිවේදනය කරමින්, නඩුවේ වැඩි විනිවිදභාවයක් සඳහා කරන ලද ඉල්ලීම්වලට විරුද්ධ වූ ට්‍රම්ප්, ඔහුගේ Truth Social හි සඳහන් කර තිබුණේ, එප්ස්ටයින් සමඟ හිටපු එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් සහ හිටපු භාණ්ඩාගාර ලේකම් ලෝරන්ස් සමර්ස් ඇතුළු ඉහළ පෙළේ ඩිමොක්‍රටික්ස් පාක්ෂිකයන් සමඟ සම්බන්ධතා ඇති බවයි.

ලිංගික ජාවාරම් චෝදනාවලට මුහුණ දෙමින් සිටියදී 2019 දී මෑන්හැටන් බන්ධනාගාර කුටියකදී මිය ගිය අතර ජනාධිපති ට්‍රම්ප් ද ඔහුගේ අතිශය හිතවතෙකු බව සැලකේ, 2011 දී යවන ලද එක් විද්‍යුත් තැපෑලකින් එප්ස්ටයින් ඔහුගේ හිටපු පෙම්වතිය වන ගිස්ලේන් මැක්ස්වෙල් හට ට්‍රම්ප් ලිංගික ජාවාරමට ගොදුරු වූ අයෙකු සමඟ ඔහුගේ නිවසේ පැය ගණන් ගත කරන බව ප්‍රකාශ කර ඇති අතර ජනාධිපති ට්‍රම්ප්, මෙම චෝදනාවන් ප්‍රතික්ෂේප කර, එප්ස්ටයින්ගේ අපරාධ පිළිබඳව තමා නොදන්නා බව නැවත නැවතත් අවධාරනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : පොලිස් මාධ්‍ය කොට්ඨාසය...

මාලිමාවට සහය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂ තහනමක්!

කොළඹ LNW:පක්ෂයේ තීරණයට එරෙහිව යමින් කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී...

සමාව දෙන සමාජයක් බිහිකරමු ….

"සමාව දෙන්නෙ නෑ" කියන්නෙම පලිගැනීම සහිත චෛතසිකයක්. ඒක අශිෂ්ඨත්වයේ...

පාසල් පැසිපන්දුව අධ්‍යාපන අමාත්‍ය ධූරයට හෝ අධ්‍යාපන අමාත්‍යංශයට අදාල නැති ක්‍රීඩාවක් ද

නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: පාසල් පැසි පන්දු ක්‍රීඩාවේ...