පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ඉල්ලීමක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW :

පොලිස් මාධ්‍ය කොට්ඨාසය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී. ඒ, බස්නාහිර පළාත තුළ සිදුවන විෂ මත්ද්‍රව්‍ය හා විවිධ දූෂිත ක්‍රියා සම්බන්ධව තොරතුරු මින් ඉදිරියට වර්තමාන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ දුරකතන අංකයට දැනුම් දෙන ලෙසයි.

ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ රාජකාරි කළ සංජීව ධර්මරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ධූරයට පත් කිරීම හේතුවෙන් බව පැවසේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඒ අනුව බස්නාහිර පළාත භාර වර්තමාන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන සජීව මැදවත්ත මහතාගේ දුරකථන අංකය වන 071 85 92 621 යන අංකයට එම තොරතුරු දැනුම්දෙන ලෙසයි.

තවද, පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ, ටී-56 අවියක් සහ අත්බෝම්බයක් සමග බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (19) අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන බවයි. සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන බව වාර්තා වේ. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 21යි මිලි ග්‍රෑම් 750ක්, ටී-56 වර්ගයේ ගිනි අවියක්, ටී-56 පතරොම් 30ක් සහ ජීව අත්බෝම්බයක් සමග එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ මිදිගම පොලිස් වසමේ කපුඅත්ත ප්‍රදේශයේදීයි. එම සැකකරු තංගල්ල දංකැටිය ප්‍රදේශයේ පදිංචිකරුයෙකු බවට අනාවරණ වී ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ, වැලිගම පොලිසිය සහ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...