මාසික ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ යෝජනාව හෙට කැබිනෙට්ටුවට: කංචන

0
347

ඉන්ධන මිල ලබන මාසයේ සිට මාසිකව සංශෝධනය කිරීමට අදාළ යෝජනාවක් හෙට (21) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වෙනි සංවත්සරය පැවැත්වූ අවස්ථාවට සහභාගී වෙමිනි.

මීට ඉහත ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම 01 වන දින සහ 15 වන දින ඉන්ධන මිල සංශෝධනයකට ලක්කිරීමට කටයුතු කර තිබිණි.

MIAP