*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/20

1. චීනයේ සංචාරක සීමාවන් ලිහිල් කිරීමෙන් පසු බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවට පැමිණීමට චීන සංචාරකයින් මිලියන 1 ක් ඉලක්ක කරයි.

2. ඩොලර් බිලියන 1 ක පමණ “debt-for-nature” ආකාරයේ හුවමාරුවක් සිදුකිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය – එවන් ක්‍රියාමාර්ගයක් හරහා, මේ වන සිදුවෙමින් පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණය අවදානමේ හෙලිය හැකි බවට අනතුරු අඟවයි – 2022 අප්‍රේල් මස මුලදී, රජය සහ මහ බැංකුව ඩොලර් බිලියන 2 ක “හරිත බැඳුම්කර” නිකුත් කිරීමට සැලසුම් අවසන් කළ නමුත්, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධනගේ “ණය පැහැර හැරීමේ” නිවේදනයෙන් පසු එම සැලැස්ම අත්හැර දමන ලදී.

3. මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මුදල් මුද්‍රණය කිරීමට ඇබ්බැහි වී සිටින බවත්, ඒ ඔස්සේ නව වාර්තාවක් තැබීමට සූදානමින් සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක පා.ම. උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි – මහබැංකු අධිපතිවරයා”පුනරුත්ථාපනය” සඳහා යවන ලෙස ද යෝජනා කරයි.

4. කිරිපිටිවල අඛණ්ඩ හිඟයක් තිබියදීත්, කිරිපිටි ආනයනය සම්බන්ධ නොගැලපෙන රජයේ ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර ගිවිසුම්වලට ගරු නොකිරීම මත කිරිපිටි මෙට්‍රික් ටොන් 400කට ආසන්න ප්‍රමාණයක් කොළඹ වරායේ සිරවී ඇති බව කිරිපිටි ආනයනකරුවෝ චෝදනා එල්ල කරති.

5. 2023 අයවැය හරහා අයවැය හිඟයක් වසා ගැනීමට රජය දරන උත්සාහය ගැන සමඟි ජන බලවේගයේ පා.ම. පාඨලී චම්පික රණවක අනතුරු අඟවයි – රට ස්වෛරීණය පැහැර හැරීමේ තත්ත්වයක පවතින බව රජයට අමතක වී ඇති බව ද චෝදනා කරයි.

6. 2023 අයවැයෙන් යෝජිත සෙස් (CESS) බද්ද, පාසල් පෙළපොත් සහ උපකරණ සඳහා අදාළ නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි.

7. ශ්‍රී ලංකාවේ දීප ව්‍යාප්තව පාසල් සඳහා චීනය විසින් පරිත්‍යාග කරන ලද මෙට්‍රික් ටොන් 1,000 ක (පැකට් 100,000) නව සහල් තොගයක් කොළඹ වරායට පැමිණ ඇති අතර එය ඉක්මනින් බෙදා හරින බව කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර සිටී.

8. මීට පෙර ඉන්ධන සහ ගෑස් සඳහා පෝලිම් ගැසී බලා සිටියාක් මෙන් ජනතාවට ආහාර හිඟය නිසා ද ළඟදීම පෝලිම්වල සිටීමට සිදුවන බව විපක්ෂයේ පා.ම. අතුරලියේ රතන හිමියෝ පවසති – එසේම 2023 අයවැය “පුම්බන ලද” අයවැයක් බවත්, ඉන් වත්මන් ආර්ථික අර්බුදය විසඳන්නේ නැති බවත් පවසති.

9. සංචාරකයන් 700ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 450ක් රැඟත් කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නෝර්වේජියානු මගී නෞකාවක් වන “Vikingmas,” Covid-19 වසංගතයෙන් පසු ලංකාවට පැමිණි පළමු මගී නෞකාව බව වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරයි.

10. “ධන බද්දක් (Wealth Tax)” හඳුන්වා දීමට රජයට දැනට සැලසුමක් නොමැති බව භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී. රත්නායක ප්‍රකාශ කරයි – ඉදිරියේදී රජය එය ක්‍රියාත්මක කරයිද යන්න තමා නොදන්නා බව ද ප්‍රකාශ කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan