හිටපු එක්සත් ජනපද ජනාධිපති Jimmy Carter ගේ බිරිඳ මියයයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):Jimmy Carter හිටපු එක්සත් ජනපද ජනාධිපතිවරයකු වන අතර ඔහුගේ ආර්යාව වන Rosalynn Carter ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඇය මිය යනවිට 96 හැවිරිදි වියේ පසුවිය.

කාටර් මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ඇය මිය ගිය බවට තහවුරු කර ඇති බවයි පැවසේ.

පසුගිය ජූලි මාසයේදී ඔවුන්ගේ 77 වැනි විවාහ සංවත්සරය සැමරූ අතර එහිදී Jimmy Carter සඳහන් කළේ “මට අවශ්‍ය වූ විට ඇය මට ප්‍රඥාවන්ත මග පෙන්වීමක් සහ දිරිගැන්වීමක් ලබා දුන් බවත් , රොසලින් ලෝකයේ සිටින තාක් කල්, කවුරුන් හෝ මට ආදරය කරන සහ සහයෝගය දක්වන බව දැන සිටි බවත් ඔහු පවසා ඇත.

Eleanor Rosalynn Smith නමින් 1927 අගෝස්තු 18 වැනිදා ඇය උපත ලබා ඇති අතර , ඇය 1946 ජූලි 7 වන දින ජනාධිපති Jimmy Carter සමග විවාහවීමෙන් පසු දරුවන් හතර දෙනෙකු බිහි කරනු ලැබූ බවද සඳහන් වේ.

ඇයට මුනුබුරු මිනිබිරියන් 11 දෙනෙකු සහ මී මුණුබුරන් 14 දෙනෙකු ද සිටී.

ජෝර්ජියාවේ ජනාධිපති ආර්යාව ලෙස ඇය මානසික රෝගීන් සඳහා වන සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා ආණ්ඩුකාර කොමිෂන් සභාවක සාමාජිකාවක් වූ අතර, එක්සත් ජනපද ජනාධිපති ආර්යාව ලෙස ඇය 1980 පනතක් සම්මත කිරීමට ප්‍රධාන වූ මානසික සෞඛ්‍යය පිළිබඳ ජනාධිපති කොමිසමේ සභාපතිනිය වූවාය.

වොෂිංටන් හැර ගිය පසු ඇය සහ ඇගේ සැමියා 1982 දී කාටර් මධ්‍යස්ථානය ආරම්භ කළ අතර, එමගින් ඇය මානසික සෞඛ්‍යය, මුල් ළමාවිය ප්‍රතිශක්තිකරණය සහ අනෙකුත් මානුෂීය හේතූන් සඳහා ඇයගේ උපදේශන කටයුතු කරගෙන ගිය බව සඳහන් වේ.

මෙම යුවළ Habitat For Humanity පුණ්‍යායතනයේ ප්‍රධාන පුද්ගලයින් ද වූ අතර,ජීවන ආධාර අවශ්‍යතා ඇති පවුල් සඳහා නිවාස තැනීමට උදව් කරනු ලැබූ සමාජශීලී දෙදෙනකු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...