වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට !

0
772

වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිලධාරීන් සිව්දෙනෙකු මීට මඳ වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධියට අදාළව ය.

ඒ අනුව, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය එසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

RN