නව විදුලිබල පනත කැබිනට් අනුමැතියට!

Date:

කොළඹ LNW:යෝජිත නව විදුලිබල පනත අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අවසන් පනත් කෙටුම්පතේ තාක්ෂණ අවශ්‍යතා, ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමග පැවති සාතච්ඡාවල මතුවූ යෝජනා සහ සංවර්ධන නියෝජිත ආයතනවලින් ලැබෙන සහාය පිළිබදවද විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හා විදුලිබල අමාත්‍යවරයා අතර සාකච්ඡා පවත්වා තිබේ.

ඒ අනුව නව පනත හරහා විදුලිබල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිව්‍යූහගත කිරීම හඳුන්වා දී තිබෙන අතර එම ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහා අනුමැතිය හිමිවනු ඇති බවටයි විශ්වාසය පළකර ඇත්තේ.

මේ වන විට මෙරට විදුලිබල පද්ධතිය ඉන්දියාව සමග මෙන්ම කලාපීයව ඒකාබද්ධ කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹ සිටින හෙයින් එම වැඩපිළිවෙලේ ශක්‍යතාව පිළිබඳව මෙන්ම එහි සංවර්ධන ව්‍යුහය, තාක්ෂණික අවශ්‍යතා හා ව්‍යාපාරික සැලැස්ම ගැන ලෝක බැංකු නියෝජිතයන් සමග අමාත්‍යවරයා ඇතුළු ඉහළ නිලධාරීන් සාකච්ඡා කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...

ලක්ෂ්මන් යාපාගේ අල්ලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...