ආපහු එක්වීමක් ගැන හිතුවත්! මෙහෙම එක්වීමක් නොසිතන්නට ඇති කිසිවෙක්!

Date:

සටහන: පුන්සරා ලියනගේ

නොවැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):One Direction බෝයි බෑන්ඩ් හි Liam Payne ගේ අවාසනාවන්ත මරණය සිදුව මාසයකට වැඩි කාලයක් ගත වූ පසු, අවමංගල්‍ය උත්සවය පැවැත්වුණු අතර එයට පවුලේ අය, මිතුරන් සහ හිටපු සංගීත කණ්ඩායමේ සාමාජිකයන් ද සහභාගී ව ඔහුට අවසන් ගෞරවය දක්වන ඡායාරූප සහ වීඩියෝ පට සමාජ මාධ්‍ය පුරා දක්නට ලැබිණි.

NBC

ලන්ඩනයේ වයඹ දෙසින් පිහිටි බකිංහැම්ෂයර් හි ඇමර්ෂාම් ඉකුත් බදාදා මෙම පෞද්ගලික අවමංගල්‍යය උත්සවය සිදු කෙරිණි.

ලියම්ගේ හිටපු සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වන හැරී ස්ටයිල්ස්, ලුවී ටොම්ලින්සන්, නියල් හොරන් සහ සයන් මලික් පැමිණ තිබීම කාගේත් නෙත ගැටුණු කාරණාවක් විය. 

ලියම් කලකට කලින් One Direction ලාගේ එකතු වීමක් පිළිබඳ අතිශය බලාපොරොත්තුවකින් සිටි අයෙකි. නමුත් කෙදිනකවත් මෙනැවි එකතු වීමක් ඔහු බලාපොරොත්තු නොවන්නට ඇත. අවසානයේ අහිමිවීමක් සමඟ එකලස් වුණු බැඳීමක හැඩ පමණක් දකින්නට හැකි විය.

ලියම්ගේ පෙම්වතිය වන කේට් කැසිඩි සහ ඔහුගේ හිටපු සහකරු චෙරිල් සමඟ පුතා ද මේ සඳහා සහභාගී විය.

ලියම්ගේ මිනී පෙට්ටියෙහි “SON” සහ “DADDY” යන වචන වලින් යුත් පුෂ්පෝපහාර දක්වමින් සුදු අශ්වාරෝහක අවමංගල්‍ය රථයකින් පල්ලියට වෙත ගෙන යන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර දෙකකට පසුව බෙත්ලෙහෙමටත් ඔන්න නත්තල්!

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ගාසා තීරය පුරාවට...

මහනුවර පිළිකා සංගමය සඳහා ඉන්දියන් රජයේ පරිත්‍යාගයක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW: පිිළිකාවෙන් පීඩිතව ප්‍රතිකර...

සංචාරක පැමිණීමේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : 2025 වසරේ ගතවූ...

ත්‍රිකුණාමලය ගොවීන්ට වන්දි ගෙවා අවසන්!

කොළඹ LNW:දිට්වා සුළි කුනාටුව හේතුවෙන් හානි වූ වගාවන් සඳහා...