දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබු  මත්ද්‍රව්‍ය තොගය ගැන හෙළි වූ දේ!

0
413

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW :

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබු  මත්ද්‍රව්‍ය තොගය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උණාකූරුවේ ශාන්ත නැමැත්තාට අයත් බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ , බහුදින ධීවර යාත්‍රාවේ සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සමග සම්බන්ධතා පැවැත් වූ බව කියන සමඟි ජන බලවේග පළාත් පාලන අපේක්ෂකයෙකු පන්නලදී අත්අඩංගුවට ගත් බවය.

එහි සිටි ධීවරයින් 6 දෙනෙකුද අත්අඩංගුවට ගැණුනි.යාත්‍රාවේ තිබී හෙරෝයින් කිලෝග්‍රෑම් 115ක් අයිස් කිලෝ ග්‍රෑම් 261 සොයා ගත් බව නාවික හමුදාව පවසන ලදි. මලු 18 ක ඒවා අසුරා තබා ඇති අතර, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කර්මාන්ඩර් බුද්ධික සම්පත් සදහන් කළේ, යාත්‍රාවේ තිබී රිවෝල්වරයක්, පිස්තෝලයක් සහ මැගසින් දෙකක් ද, එහි තිබී සොයාගත් බවය. එම යාත්‍රාව ඊයේ (20) රාත්‍රී තංගල්ල ධිවර වරායට රැගෙන එන ලද බව වාර්තා වේ.