දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබු  මත්ද්‍රව්‍ය තොගය ගැන හෙළි වූ දේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW :

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබු  මත්ද්‍රව්‍ය තොගය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උණාකූරුවේ ශාන්ත නැමැත්තාට අයත් බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ , බහුදින ධීවර යාත්‍රාවේ සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සමග සම්බන්ධතා පැවැත් වූ බව කියන සමඟි ජන බලවේග පළාත් පාලන අපේක්ෂකයෙකු පන්නලදී අත්අඩංගුවට ගත් බවය.

එහි සිටි ධීවරයින් 6 දෙනෙකුද අත්අඩංගුවට ගැණුනි.යාත්‍රාවේ තිබී හෙරෝයින් කිලෝග්‍රෑම් 115ක් අයිස් කිලෝ ග්‍රෑම් 261 සොයා ගත් බව නාවික හමුදාව පවසන ලදි. මලු 18 ක ඒවා අසුරා තබා ඇති අතර, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කර්මාන්ඩර් බුද්ධික සම්පත් සදහන් කළේ, යාත්‍රාවේ තිබී රිවෝල්වරයක්, පිස්තෝලයක් සහ මැගසින් දෙකක් ද, එහි තිබී සොයාගත් බවය. එම යාත්‍රාව ඊයේ (20) රාත්‍රී තංගල්ල ධිවර වරායට රැගෙන එන ලද බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...