ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති පැල් රකිමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි

Date:

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස මහතා ඊයේ (20) රාත්‍රියේදී සිය කුඹුරේ පැල් රකිමින් සිටියදී ඇතිවූ හදීසි අසනීප තත්ත්වයකින් මිය‍ගොස් ඇති බව වාර්තා වේ.

ඔහු, ඊයේ රාත්‍රී සිය කුඹුරේ පැල් රැකීමට ගොස් සිට ඇති අතර, එහිදී ඔහුගේ මව අද අලුයම ඔහුට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවත් එහිදී ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් ඔහු ‍පිළිබද සොයා බැලිමේදී සිහිසුන්ව සිට ඇති බවට කරුණු හෙළිව ඇතැයි පොලිසිය පවසයි.

ඔහු ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇති බව සඳහන්.

රංග ධර්මදාස කාලයක සිට හෘද රෝගයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබමින් සිටින අයකු බවටද වාර්තා වෙනවා.

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරග වැදුණු ඔහු පසුව එහි සභාපති ධුරයට පත්විය. රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්යාව පිළිබඳ උපාධිධාරියකු වන ඔහු වෘත්තියෙන් ගොවියකු වශයෙන් කටයුතු කර ඇති අතර මියයන විට ඔහු 34 වැනි වියේ පසුවිය.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඔහුගේ දේහය ත්‍රිකුණාමලය මහ රෝහලට රැගෙන ඒමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයිස් හා හෙරොයින් සිද්ධිය: සජබ සාමාජිකයාට පක්ෂයෙන් තහනමක්!

කොළඹ LNW: දකුණු මුුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඊයේ (20)...

DIMO වෙත එක්වූ නටාෂා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : ඩීසල් සහ මෝටර්...

රටම එකට මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය කිලෝ 1000ක් ඉක්මවා පොලිස් භාරයට!

කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ ''රටම එකට'' ජාතික මෙහෙයුමට...

තරඟ සංවිධායකවරයාට එරෙහිව නැගී සිට සති කිහිපයකට පසු මෙක්සිකෝ රූ රැජින විශ්ව රූ රැජින ලෙස ජයගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 74 වන වාර්ෂික...