ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති පැල් රකිමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස මහතා ඊයේ (20) රාත්‍රියේදී සිය කුඹුරේ පැල් රකිමින් සිටියදී ඇතිවූ හදීසි අසනීප තත්ත්වයකින් මිය‍ගොස් ඇති බව වාර්තා වේ.

ඔහු, ඊයේ රාත්‍රී සිය කුඹුරේ පැල් රැකීමට ගොස් සිට ඇති අතර, එහිදී ඔහුගේ මව අද අලුයම ඔහුට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවත් එහිදී ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් ඔහු ‍පිළිබද සොයා බැලිමේදී සිහිසුන්ව සිට ඇති බවට කරුණු හෙළිව ඇතැයි පොලිසිය පවසයි.

ඔහු ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇති බව සඳහන්.

රංග ධර්මදාස කාලයක සිට හෘද රෝගයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබමින් සිටින අයකු බවටද වාර්තා වෙනවා.

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරග වැදුණු ඔහු පසුව එහි සභාපති ධුරයට පත්විය. රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්යාව පිළිබඳ උපාධිධාරියකු වන ඔහු වෘත්තියෙන් ගොවියකු වශයෙන් කටයුතු කර ඇති අතර මියයන විට ඔහු 34 වැනි වියේ පසුවිය.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඔහුගේ දේහය ත්‍රිකුණාමලය මහ රෝහලට රැගෙන ඒමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...