සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව ප්‍රථම වරට ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, දෙසැම්බර් මස 10වන දින සිට ක්‍රියාත්මක වන පරිදි Facebook, Instagram, Snapchat, Threads, TikTok, X, YouTube, Reddit සහ ප්‍රවාහ වේදිකා Kick සහ Twitch මෙලෙස දරුවන් වෙනුවෙන් තහනම් කරන අතර මෙම සමාජ මාධ්‍ය වේදිකා වල ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට ඔවුන්ගේ වේදිකාවල ගිණුම් ආරම්භ කළ නොහැකි බවත් පවතින ගිණුම් අක්‍රිය කර හෝ ඉවත් කරණු ලැබේ.
මෙම තහනම සමබන්ධයෙන් ඕස්ට්‍රේලියා රජය සඳහන් කර තිබුණේ, මේ හරහා සමාජ මාධ්‍යවල දරුවන්ට නිරාවරණය විය හැකි පීඩන සහ අවදානම් අඩු කිරීම අරමුණු කරගන්නා බවත්, ඩිජිටල් තිර මත වැඩි කාලයක් ගත කිරීමට ඔවුන් දිරිමත් කරන නිර්මාණ විශේෂාංග වලින් සහ ඔවුන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට වන හානිය වලක්වා ගන්නට උත්සහ කරන බවත්ය.
තහනම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දරුවන්ට සහ දෙමාපියන්ට දඬුවම් නොලැබේන අතර එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ සමාජ මාධ්‍ය සමාගම්වලට වන අතර, බරපතල හෝ නැවත නැවත උල්ලංඝනය කිරීම් සඳහා ඔවුන්ට ඩොලර් මිලියන 49.5 (ඇමරිකානු ඩොලර් මිලියන 32, පවුම් මිලියන 25) දක්වා දඩයකට මුහුණ දීමට සිදුවේ.
රජය පවසන්නේ මෙම සමාගම් ළමයින් ඔවුන්ගේ වේදිකාවලින් ඈත් කර තබා ගැනීමට “සාධාරණ පියවර” ගත යුතු බවයි.
මෙම වසර මුලදී රජය විසින් පත් කරන ලද අධ්‍යයනයකින් කියැවුණේ වයස අවුරුදු 10-15 අතර ළමුන්ගෙන් 96% ක් සමාජ මාධ්‍ය භාවිතා කළ බවත් ඔවුන්ගෙන් 10 දෙනෙකුගෙන් හත් දෙනෙකු හානිකර අන්තර්ගතයන් සහ හැසිරීම් වලට නිරාවරණය වී ඇති බවත්ය. මෙම හැසිරීම ස්ත්‍රී විරෝධී ද්‍රව්‍යවල සිට ආහාර ගැනීමේ අක්‍රමිකතා සහ සියදිවි නසාගැනීම් ප්‍රවර්ධනය කරන වීඩියෝ සහ අන්තර්ගතයන්ට එරෙහිව සටන් කිරීම දක්වා දක්නට ලැබේ.