හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

Date:

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින් අරඹන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු පැවසුවේය.

ඒ,අද (21) නුගේගොඩදී පැවති විපක්ෂයේ ජන රැළිය අමතමිනි.

”කොන්දේසි විරහිතව අපි සමඟි ජන බලවේගයටත් ආරාධනා කරනවා ඊගාව රැළිය තියනකොට මේ වේදිකාවේ තව පක්ෂ ගණනාවක් ගේන්න අපි ඔබට සහතික වෙනවා. අපේ ගමන අවසන් වන්නේ මේ රටේ අහිංසක මිනිස්සු රවටල,මහ පාරේ බස් එකේ කෝච්චියේ යනවා කියල කැබ් හොයන හොරු ටික එලවලයි කියන එක මතකතියා ගන්න. මෙච්චර කල්කිව්වේ මහජනයාට නැති කිසිම දෙයක් අපිට එපා හැබැයි උන් ඉල්ලන්නේ කැබ් කෙහෙල් කැන දාගන්න. ඒ නිසා මතක තියාගන්න අපි මේ රට වෙනත් දිශානතියක් වෙනුවෙන් එකතු වෙන්න ඕනේ මගේ අම්මේ තාත්තේ. ආදරණිය තරුණයින්ට මම ඉල්ලීමක් කරනවා නාමල් රාජපක්ෂ කියන්නේ දෙවෙනි පෙළ නායකයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවෙනි පෙළ නායකයෝ ඉන්නවා, එක්සත් ජාතික පක්ෂයේ දෙවෙනි පෙළ නායකයෝ ඉන්නවා සර්ව ජන බලයේ දෙවෙනි පෙළ නායකයෝ ඉන්නවා ඔක්කොම එකතු වෙලා මේ සටන ගෙනියමු. මහින්ද මහත්තයව මතක් කරන්නම ඕනේ. මහින්ද මහත්තයා කියන්නේ මේ රටේ යුද්ධය අවසන් කරපු නායකයා. රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ ආර්ථිකය පෝලිමේ මිනිස්සු මැරෙන කොට පෝලිම් අවසන් කරපු නායකයා. මෙන්න මෙවන් නායකයෝ ඉන්න පක්ෂෙක මුන් මොන පගර නැට්ටෝද කියන එක විතරයි මතක් කරලා දෙන්න ඕනේ. හිර ගෙවල නෙවෙයි හිරගෙවල් දහයක දැම්මත් මේ සටන අදින් අරඹමු. ආදරණිය තරුණයිනි සිපගන්න කටු අත්ත හෙටත් මලක් වෙනු පිණිස. මල් පිපෙනවා.සත්තයි. සත්තයි. සත්තයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...