ජනපති රනිල් මන්නාරමේ නිරීක්ෂණ චාරිකාවක (Photos)

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරිම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබිණි.

මන්නාරම නගරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමුවෙන්ම මන්නාරම ඕලන්ද කොටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීය.

අනතුරුව නඩුකුඩා ධීවර ගම්මානයේ සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා ධීවර ප්‍රජාව සමග සුහද කථා බහක නිරත වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳ විමසීය.

නඩුකුඩා ධීවර ගම්මානයේ වැසියන් මුහුණ දී ඇති ගැටලු රැසක් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒ පිළිබඳ කඩිනමින් සොයා බලා අවශ්‍ය විසඳුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මන්නාරම සුළං බලාගාරය ඉදි කරන ප්‍රදේශය ද නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා සුළං බලාගාරයේ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලූ අතර බලාගාර ප්‍රදේශයේ ජනතා ගැටලු විමසීමට ද අමතක නොකළේය.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මන්නාරම දිස්ත්‍රික් ලේකම් ස්ටැන්ලි ද මෙල් යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...

ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි – නාමල්

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ලාල්කාන්ත හිතනවානම් තර්ජනය...

Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම්...

අනුෂ පැල්පිට අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට...