ජනපති රනිල් මන්නාරමේ නිරීක්ෂණ චාරිකාවක (Photos)

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරිම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබිණි.

මන්නාරම නගරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමුවෙන්ම මන්නාරම ඕලන්ද කොටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීය.

අනතුරුව නඩුකුඩා ධීවර ගම්මානයේ සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා ධීවර ප්‍රජාව සමග සුහද කථා බහක නිරත වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳ විමසීය.

නඩුකුඩා ධීවර ගම්මානයේ වැසියන් මුහුණ දී ඇති ගැටලු රැසක් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒ පිළිබඳ කඩිනමින් සොයා බලා අවශ්‍ය විසඳුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මන්නාරම සුළං බලාගාරය ඉදි කරන ප්‍රදේශය ද නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා සුළං බලාගාරයේ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලූ අතර බලාගාර ප්‍රදේශයේ ජනතා ගැටලු විමසීමට ද අමතක නොකළේය.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මන්නාරම දිස්ත්‍රික් ලේකම් ස්ටැන්ලි ද මෙල් යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...