මේ ආණ්ඩුව 43 ලක්ෂයක් පාසල් දරුවන්ගේ අපේක්ෂාවන් සුනුවිසුනු කරලා – සජිත් (VIDEO)

Date:

අයවැය කතාව නරඹන්න පාසල් දූ දරුවන් පැමිණි සිටි අවස්ථාවේ අයවැය කතාවෙන් ඔවුන් ඇතුලු 43 ලක්ෂයක් වූ පාසල් සිසු දරුවන්ගේ අපේක්ෂාවන් සුනුවිසුනු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. දරුවන් විශ්වාස කළේ ශක්තිමත් අනාගතයක් ඇති කිරීම සඳහා රටේ පාලකයන් දිරිය ශක්තිය ලබා දෙනු ඇති බවත්, තමන්ට දිවා ආහාරය ලබා දීමට මුදල් වෙන් කරනු ඇති බවත් වුවද එය එසේ සිදු නොවූ බවත් මේ වන විට පාසල් බෑග්, කවකටු පෙට්ටි ඇතුළු සියලුම පාසල් දූ දරුවන්ට අවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක ඔවුන්ගේ අනාගතය ගැන නොසිතා මේ රට පාලනය කරන ආර්ථික ඝාතක ජන ඝාතක සහ රට ඝාතනයට ලක් කළ කොට්ඨාසය විසින් ඇමති වරදාන වරප්‍රසාද ලබා ගනිමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ හේතුව නිසා පාසල් දූ දරුවන්, ඔවුන්ගේ දෙමාපියන් මෙන් ම නූපන් දරුවාගේ සිට ගර්භනී මව්වරු දක්වා ජන සමාජයේ පහළ සිට ඉහළ දක්වා සියලු දෙනා අසරණ වී ඇති බව පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රජයට අවශ්‍ය වී ඇත්තේ පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කර මේ රටේ මෝඩයන් පිරිසක් බිහි කිරීමට බවත් ය.

මහාමාර්ගවලට, අධිවේගී මාර්ගවලට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වෙන් කිරීමට පෙර පාසල් අධ්‍යාපනය ශක්තිමත් කර ගර්භනී මවගේ පෝෂණ සලාකය ලබා දීමට ප්‍රතිපාදන වෙන් කිරීමක් සිදු විය යුතු බවත්,එහෙත් මේ ආණ්ඩුවට ජන දුක නොතේරෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියේ සමගි ජනබලවේගයේ ජාඇල බලමණ්ඩල රැස්වීම අමතමිනි.

විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කර සිටියේ මේ රටට අවශ්‍ය මනුෂ්‍ය දුක, ජන දුක හඳුනන ආණ්ඩුවක් බවත් දුකෙක් පෙළෙන ජනතාව සැප සලසන ආණ්ඩුවක් බවත් ය. විපක්ෂ නායකවරයා කියා සිටියේ ඉදිරියේ දී ජනතා කැමැත්ත මත පොදු ජන ආණ්ඩුවක් බිහි කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...