පොහොට්ටුව කොන්දේසි විරහිතව ජනාධිපති රනිල්ට සහාය දෙනවා – ප්‍රසන්න

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන්නේ කොන්දේසි විරහිතව බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

“අපි පක්ෂයක් හැටියට මේ වෙලාවේදී අයවැයට සහයෝගය දීලා රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න අපිට දියහැකි උපරිම සහයෝගය ලබා දෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස මේ ජනාධිපතිතුමා සමග එකට වැඩ කිරීමට කිසිදු කොන්දේසියක් පනවලා නැහැ. අපි ජනාධිපතිතුමත් සමග එකගතාවයෙන් වැඩ කරනවා මිසක් වැඩ කිරීමට කිසිම කොන්දේසියක් අපි අතර නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයව රටේ ජනාධිපතිලෙස පත්කර ගත්තේ පොහොට්ටුවේ පූර්ණ සහයෝගයෙන්.

රටේ පවතින තත්වය අනුව රජය මේ වෙලාවේ ඉදිරිපත් කළේ සුභසාධන අයවැයක් නොවේ කියල අපි පිළිගන්නවා. මේ වෙලාවේ සුභාසාධනය කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. වියදම් අඩු කරල ආදායම් වැඩි කරල ආර්ථිකය වර්ධනයක් තුළින් රටේ ජනතාව මුහුණ දී තිබෙන තත්වයෙන් ගොඩ ගන්න කටයුතු කළයුතු වෙලාවක්. පහුගිය කාලෙම අපි ණය අරගෙන එක්කෝ යුද්ධ කරලා තියෙනවා. 88 – 89 කාල සීමාවලදී සිදුවුණු අමිහිරි සිදුවීම් වලට අපි වන්දි ගෙවල තියෙනවා. එහෙම නැතිනම් අපි කාල බීල තියෙනවා. නමුත් රටේ සංවර්ධනයට යොදවලා තියෙන්නේ ඉතා ස්වල්ප මුදලක්. අපිට අවශ්‍ය කරන්නේ මේ ණයෙන් රට ගොඩ ගන්න. බංකොලොත් කියන නාමයෙන් රට ගොඩ අරගෙන ආර්ථක වශයෙන් ශක්තිමත් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා”

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ කටුනායක ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...