හැම චෝදනාවක්ම අපි ප්‍රතික්ශේප කරනවා – මහින්ද

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): චෝදනාවක් නැගුව පමණින් මඩවලට උත්තර දෙන්න සූදානම් නැති බව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

“ගරු නියෝජ්‍ය කථානායකතුමනි මේ සභාවේදී ආර්ථිකය සම්බන්ධව අපිට විශාල චෝදනාවක් නැගුනා. හැම චෝදනාවක්ම අපි ප්‍රතික්ශේප කරනවා. දැන් එක එක අයගේ අයිතීන් නැතිකරන්න කතාකරන උදවියත් ඒ කාලේ කරපුවා අපිට මතකයි. හැබැයි චෝදනාවක් නැගුව පමණින් මඩවලට උත්තර දෙන්න අපිත් ආයේ මඩ අල්ලන්න අවශ්‍යද? ඉතින් ඒ නිසා අපිට ඒ අයට කියන්න තියෙන්නේ මඩ ගහන අයගේ අත්වල මඩ ගෑවෙයි. කාගේහරි අයිතියක් නැතිකරන්න කතාකරන අය අඩුම රටේ ජනතාවගේ අයිතිය තහවුරු කරගන්න වැඩකරලා ඉන්න. අපි ඉතිහාසය පුරා ජනතාවට ජීවිත අයිතිය සුරක්ෂිත කරන තැන ඉඳන් අපි යුතුකම ඉටුකරලා තියෙනවා. ඒ නිසා නැතිකරන්න කතාකරන අයට අයිතියක් රැකදෙන අමාරු බව දැන්වත් වටහාගන්න කියලයි ඉල්ලන්නේ.” ලෙස හිටපු ජනාධිපතිවරයා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...