බංග්ලාදේශයේ ඩෙංගු මරණ සංඛ්‍යාව 1,500 ඉක්මවයි

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට රට තුළ අසාදිත රෝගීන් සංඛ්‍යාව 301,255 ඉක්මවා තිබේ.

බංග්ලාදේශයේ ඉතිහාසයේ පෙර වූ විරූ ලෙස ඩෙංගු රෝගීන් ව්‍යාප්තව යමින් සිටින බව වාර්තා වේ.

මේ වන විට ඩෙංගු රෝගය හේතුවෙන් අලුත උපන් දරුවන්ගේ සිට වයස අවුරුදු 15 දක්වා ළමුන් 156 ක් ඇතුළුව මරණ 1,549 ක් වාර්තා වී තිබේ. එය පසුගිය වසරට සාපේක්ෂව 5 ගුණයක වැඩි වීමකි. මේ වන විට රට තුළ අසාදිත රෝගීන් සංඛ්‍යාව 301,255 ක් පමණ වන බව බංග්ලාදේශයේ රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා (DGHS) තහවුරු කර ඇති අතර මෙම වසරේදී අගනගරයෙන් පිට ග්‍රාමීය ප්‍රදේශවල පවා විශාල වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබේ.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට රජය පූර්ණ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව බෝවන රෝග පිලිබඳ විද්යාඥයන් ප්‍රකාශ කර ඇති අතර ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) රජය ඉවත් කර භාරකාර පරිපාලනයක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටින බැවින්, රටෙහි පවතින දේශපාලන අවිනිශ්චිතතාවය සහ ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ බංග්ලාදේශ මහ මැතිවරණය ජනවාරි 7 දා පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

මෙවැනි තත්වයක් තුළ ඩෙංගු රෝගය නරක අතට හැරීම නිසා එය බරපතළ අර්බුදයක් බවට පත්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...