බංග්ලාදේශයේ ඩෙංගු මරණ සංඛ්‍යාව 1,500 ඉක්මවයි

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට රට තුළ අසාදිත රෝගීන් සංඛ්‍යාව 301,255 ඉක්මවා තිබේ.

බංග්ලාදේශයේ ඉතිහාසයේ පෙර වූ විරූ ලෙස ඩෙංගු රෝගීන් ව්‍යාප්තව යමින් සිටින බව වාර්තා වේ.

මේ වන විට ඩෙංගු රෝගය හේතුවෙන් අලුත උපන් දරුවන්ගේ සිට වයස අවුරුදු 15 දක්වා ළමුන් 156 ක් ඇතුළුව මරණ 1,549 ක් වාර්තා වී තිබේ. එය පසුගිය වසරට සාපේක්ෂව 5 ගුණයක වැඩි වීමකි. මේ වන විට රට තුළ අසාදිත රෝගීන් සංඛ්‍යාව 301,255 ක් පමණ වන බව බංග්ලාදේශයේ රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා (DGHS) තහවුරු කර ඇති අතර මෙම වසරේදී අගනගරයෙන් පිට ග්‍රාමීය ප්‍රදේශවල පවා විශාල වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබේ.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට රජය පූර්ණ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව බෝවන රෝග පිලිබඳ විද්යාඥයන් ප්‍රකාශ කර ඇති අතර ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) රජය ඉවත් කර භාරකාර පරිපාලනයක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටින බැවින්, රටෙහි පවතින දේශපාලන අවිනිශ්චිතතාවය සහ ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ බංග්ලාදේශ මහ මැතිවරණය ජනවාරි 7 දා පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

මෙවැනි තත්වයක් තුළ ඩෙංගු රෝගය නරක අතට හැරීම නිසා එය බරපතළ අර්බුදයක් බවට පත්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...