වයසට අභියෝග කළ මුලතිව් හි 71 හැවිරිදි අකිලා ශ්‍රී ලංකාව රනින් සරසයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 71 හැවිරිදි අකිලා තිරුනායකී විශ්‍රාමික බන්ධනාගාර නිළධාරිනියක වන අතර ඇය පිළිබඳ ලෝකයේ නන්දෙසින් පුවත් පළවෙයි.

ඒ, මුලතිව් හි මුල්ලියාවලෙයි ගම්මානයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙක් වන අකිලා මෙවර පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන ඇති බව වාර්තා වීමත් සමඟයි.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අකිලා තිරුනායකී මීටර් 1500 සහ 5000 ඉසව්වලින් රන් පදක්කම් දෙකක් සහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී ඇත.

තවද, මීටර 400 ධාවන ඉසව්වේ සිවුවැනි ස්ථානය ද ඇයට හිමිව ඇති බව සඳහන් වේ.

ක්‍රීඩාවෙන් ලොවම බබළවන කතුන් අතර අකිලාගේ මේ දිනුම සමස්ත රටේම පමණක් නොවෙයි කාන්තා සමස්තයේම ජයග්‍රහණයක් වන බව කිව යුතුය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...