පිරිමි අපි එක මිටට නියෝජ්‍ය ඇමති මණ්ඩලයට !

Date:

ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයට කලින් කරපු ප්‍රචාරණ ව්‍යාපෘති අතරේ වඩාත්ම කැපී පෙනෙන ව්‍යාපෘතිය වුණේ “ගැහැණු අපි එක මිටට මාලිමාවට” කියන කැම්පේන් එක. ඇත්තෙන්ම අතිවිශාල කාන්තාවන් පිරිසක් ඒකට සහභාගී වුණා, ඡන්දෙත් දුන්නා, අනුර කුමාර සහෝදරයා ජනාධිපතිත් වුණා, මාලිමාවට තුනෙන් දෙකේ බලයටත් වැඩි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ගාණකුත් හිමිවුණා. ඒකෙදිත් වැඩිම කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුව හැටියට වාර්තාවකුත් තිබ්බා.

ඉතින් ඔය “ගැහැණු අපි එක මිටට” කැම්පේන් එක යන කාලේ සමහරු පිරිමින්ට මොකුත් නැද්ද කියලා චරුචුරු ගගාත් හිටියා මතකයි.

මාලිමාවේ සහෝදරවරු ආණ්ඩුවක් හැදුවේ කියකියා ඉන්න නෙවෙයි වැඩ කරන්න නෙ. ඒක නිසා පිරිමි අපි ගැන වෙන වෙනම කිය කියා නොහිටියාට මොකද, නොවැම්බර් 19 වෙනිදාට යෙදිලා තිබුණු ජාත්‍යන්තර පිරිමි දිනයත් සමරමින් තනි පිරිමි නියෝජ්‍ය ඇමති මණ්ඩලයක් නොවැම්බර් 21 වෙනිදා පත් කළා. නියෝජ්‍ය ඇමතිවරු 29 දෙනායි. එක කාන්තාවක්වත් නෑ.

දැන් ඉතින් “පිරිමි අපි එක මිටට නියෝජ්‍ය ඇමති මණ්ඩලයට” කියලා කියන්නත් පුළුවන් ….

කයිවාරු නැතිව පිරිමින්ට සැලකූ මාලිමා ආණ්ඩුවට ජයවේවා ! පිරිමි අපිට ජයෙන් ජයම වේවා !!

~ දර්ශන වීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: Lanka Ride තෙදින පාපැදි...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...