රෝහිතත් වෙනස් වෙලා?

Date:

කොළඹ LNW:මේ මොහොත වන විට රට තුළ නව දේශපාලන වැඩපිළිවෙලක් මෙන්ම නව දේශපාලන සංස්කෘතියක් ඉදිරිපත්ව තිබෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේය.

පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා ඉතා හොඳ කතාවක් කළ අතර හොඳ දේට හොඳ කියන බවත් එසේ නොකර සිටීමට තරම් තමන් කුහක නැති බවත් මන්ත්‍රීවරයා කියාසිටියේය.

ඊයේ (21) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අබේගුණවර්ධන මහතා පැවසුවේ,

” ජනාධිපතිතුමා හොඳ කතාවක් කළා. හැම පුරවැසියෙක්ම බලාපොරොත්තුවෙන වගකීම යුතුකම ඉටුකරනවා කියල කිව්වා. අපි කුහක වෙන්නේ නැහැ විපක්ෂයක් හැටියට. ආණ්ඩුව ඒ වගකීම් ටික ඉටුකරනවා නම් ඇත්ත වශයෙන්ම හොඳයි. මේ රටේ ජනතාවට නව දේශපාලන වැඩපිළිවෙලක්, නව දේශපාලන සංස්කෘතියක් මේ වෙලාවේ ඉදිරිපත් තියෙනවා. ඒ ගැනත් මතක් කරන්න ඕනේ. රටට දැනෙන්න, මිනිස්සුන්ට දැනෙන්න පොළවට දැනෙන්න ජනාධිපතිතුමා කතා කළා. මම කියන්නේ එය ඉතාම හොඳයි. මම කුහක වෙන්නේ නැහැ. මම විපක්ෂේ. මම කියන්නේ හොඳ දේ කියන්න ඕනේ. කුහක වෙන්න ඕනේ නෑ. වෙනදා වගේ සම්ප්‍රදාය අනුව විරුද්ධ වෙන විපක්ෂයක් වෙන්නේ නැහැ.” යනුවෙනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...

නුවරඑළියට මල් තුහින – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 17) දිනයේදී දිවයිනේ බොහෝ...

ජින්තුපිටියේ වෙඩි තැබීමක්. එක් අයෙකු මරුට. කුඩා දරුවන් දෙදෙනෙකුටත් තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී...

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා...