සමඟියේ සමඟියත් අර්බුදයට යන ජාතික ලැයිස්තු පුටු තරඟය අද නිමාවට පත්වෙන හැඩ!

Date:

කොළඹ LNW: අවසන් වුණු මහ මැතිවරණයේ ප්‍රතිඵලය අනුව සමඟි ජන බලවේගයට ජාතික ලැයිස්තුවෙන් ආසන 05ක් හිමි වූ අතර ඉන් එක් ආසනයක් සඳහා සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත්කර තිබේ.

එහෙත් සෙසු මන්ත්‍රී ආසන සඳහා මෙතෙක් පත් කිරීමක් කර නොමැති අතර එයද රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිගේ සිලින්ඩර ගැටුම හා සමාන තත්ත්වයකට පත්ව තිබුණි.

සන්ධානයක් ලෙස මැතිවරණය ඉදිරිපත් වීම නිසා ප්‍රධාන පක්ෂය වන සමඟි ජන බලවේගයට පමණක් නොව සහය දුන් සෙසු පක්ෂ හා කණ්ඩායම් වෙතද පක්ෂ නායකත්වයේ අවධානය් යොමුවිය යුතු වුවත් සමඟියේ අය විසින්ම එම මන්ත්‍රී ධූර ඉල්ලා සිටීම නිසා එය නම් කිරීම සමඟිය තුළද අර්බුදයක් නිර්මාණය කර තිබුණි.

තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකිර්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර,සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විශේෂ අවධානයක් යොමුකිරීමට සිදුව ඇති බවට වාර්තා වූ අතර ඒ අනුව ඩලස් අලහප්පෙරුම වැනි සෙසු පක්ෂ හා කණ්ඩායම් නියෝජිතයින් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම අවදානමට ගොස් ඇති බවද සඳහන්.

කෙසේවෙතත් ඉතා සාධාරණව මෙම මන්ත්‍රී ආසන හතර නම් කිරීමට සමඟි ජන බලවේගය දැඩි උත්සාහයක නිරත වන බවත් අද (22) දිනය තුළ එම නම් කිරීම සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන්.

සමඟි ජන බලවේගය හෝ බලාපොරොත්තු නොවුණු ආකාරයට ඔවුන්ට මන්ත්‍රී ආසන අහිමි වීම මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී අර්බුදය උත්සන් වීමටද හේතුවක් වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...