ශ්‍රී ලංකා පිතිකරුවොත් තරග විනිසුරුවෝත් අවසාන තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවට තිබුණ ඉඩ අහුරති.

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW

නිශාන් මධුශ්ක,නුවනිඳු ප්‍රනාන්දු,සහන් ආරච්චිගේ,දුනිත් වෙල්ලාලගේ සහ රමේෂ් මෙණ්ඩිස් යන පිතිකරණය සම්බන්ධයෙන් බලාපොරොත්තු සහිතව ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට ඇතුළත් කර සිටින ක්‍රීඩකයින්ගෙන් කෙනෙකු හෝ සිය කඩුල්ල රැකගෙන ඉලක්කම් දෙකක අගයක් කණ්ඩායමට එකතු කරන්නට සමත් වූවේනම් පකිස්තානයට එරෙහිව තරගය ජයගෙන ශ්‍රී ලංකාවට ආසියානු නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියේ අවසාන තරගයට එන්නට බෙහෙවින් ඉඩ කඩ තිබිණ.එසේම ආසියානු ක්‍රිකට් කවුන්සිලය මේ තරගාවලියට Decision Review System – DRS (තීරණ තෙවන විනිසුරුගෙන් විමසීමේ සමාලෝචන පද්ධතිය) ඇතුළත් නොකිරීම ද ශ්‍රී ලංකාවට අවසාන තරගයට ඇතුළත්වීමට තිබුණු ඉඩ අහුරා දැමූ බව ද කිව යුතුය.ඒ නිසා මිලාන් රත්නායක හුදෙකලාව ගෙන ගිය සටන නිමා කර ගත නොහැකිව පකිස්තානු පන්දු යවන්නන් වික්ෂිප්තව සිටියදී,එය ඉටු කර දෙන්නට බංගලාදේශ විනිසුරු මොහොමඩ් අලි ඛාන්ට හැකි විය.

ඒ අනුව අවසාන තරගයේදී ශ්‍රී ලංකාවට පරාජය වූ බංගලාදේශයට ශ්‍රී ලංකාව වෙනුවට පකිස්තානාය හමුවීමට අවස්ථාව ලැබීමේ භාග්‍යය හිමි විය.
පකිස්තානය ලකුණු 153 ට සීමා කරමින් උද්දාමයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් කෘස්පුල්ලේ පන්දු 7 දී ලකුණු 27 ක් ලබා ගනිමින් හොඳ ආරම්භයක් ලබා දෙන්නට සමත් විය.එයට හතරේ පහර 2 ක් සහ හයේ පහර 3 ක් අයත් විය.ඔහුගේ සහයක ආරම්භක පිතිකරුවා වූ විශාන් හැළඹගේ ලකුණු 29 ක් ලැබීය.අවසාන මොහොතේදී තරගයේ කඩුලු 8 ක් බිඳ වැටී තිබියදී 9 වන කඩුල්ලට ට්‍රෙවින් මැතිව් සමඟ ලකුණු 47 ක සබඳතාවයක් පැවත් වූ මිලාන් රත්නායක ඉන් ලකුණු 40 කම උරුමක්කාරයා විය.පන්දු 32 දී ලැබූ එම ලකුණු 40 මෙම තරගයේ දෙපිළෙන්ම පිතිකරුවෙකු ලැබූ ඉහළම ලකුණු ගණන විය.


ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඇතැම් කඩුල්ල මුවා කිරීමේ වරදට ලබා දුන් තීරණ සාමාන්‍ය සම්ප්‍රදාය අනුව සැකයේ වාසිය පිතිකරුවා කෙරෙහි එල්ල වූ එවා ද නොවිණ.මීට පෙර ද මෙවැනි තත්ත්වයන් දකින්නට ලැබුණු අතර එම අවාසනාව ද ශ්‍රී ලංකාව පසුපස හඹා ඒමට හැකි බව දැනගෙන ක්‍රීඩා කරද්දීද වරදින්නේනම් එහි වරදක් පිතිකරණයේදී ද තිබිය හැකිය.කඩුල්ල ආවරණය කර දැවී ගිය ක්‍රීඩකයින් හතරක් සිටීම කියන සාධකය මත පමණක් නොරැදී නැවත යූ නාලිකාවකින් හෝ තරගය නැරඹිය හැකිනම් මේ සැකය කොපමණක් ශ්‍රී පිතිකරුවන්ට වාසිදායක ලෙස ලැබුණා ද කියා ඔබට හැඟීමක් ඇති කර ගන්නට හැකිය.විශේෂයෙන්ම තරගය ජයග්‍රහණය අසළටම හුදෙකලා සටනක නිරතවෙමින් රැඟෙන ආ මිලාන් රත්නායකට ජයග්‍රහණයට පන්දු හතරකදී ලකුණු 8 ක් ලබා ගන්නට තිබියදී පා ඉන්නෙන් පිටතට ඇඳෙන පන්දුවට කඩුල්ල ආවරණය කළ බවට දුන් තීන්දුව විස්තර විචාරයේදී ද විවේචනයට ලක් විය.


පකිස්තාන කණ්ඩායම මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව හමුවන විටත්,ඒ හමුව නිමාවේදීත් එකම අපරාජිත කණ්ඩායම විය.එහෙත් ඒ කීර්තියේ කිරුළ පළුඳු කිරීමේ ශක්තිය ඇති බව ප්‍රකට කරමින් පකිස්තාන පිතිකරුවන්ට එරෙහිව ප්‍රමෝද් මධුශාන් ලකුණු 29 ට කඩුලු 4 ක්,ට්‍රෙවින් මැතිව් ලකුණු 22 ට කඩුලු 3 ක් සහ ලකුණු කරා යාමට හරස් වෙමින් පිති බැඳ තබමින් වෙල්ලාලගේ ලකුණු 19 ට එක් කඩුල්ලක් ද සමඟින් පන්දු ඕවර් 12 ක් තුළ ලකුණු 70 ට බිඳ දැමූ කඩුලු ප්‍රමාණය 8 ක් විය.මිලාන් රත්නායක ලකුණු 40 ට එක් කඩුල්ලක් සහ ගයිරුක සංඛේත කඩුල් නොලබමින් ලකුණු 42 ක් ලෙස එම පන්දු ඕවර් 8 ට ලකුණු 82 ක් ලබා දුන්නේය.බොහෝ විට පකිස්තානයට කැඳවා බංකුවේ අසුන් ගන්වා තිබෙන විජේකාන්ත් වියස්කාන්ත් මේ තීරණාත්මක තරගයේ පන්දු යැව්වානම් මෙම ලකුණු පූවරුව සැළකිය යුතු මට්ටමෙන් අඩු වෙන්නට තිබුණ ඉඩ සුවිශාලය.


වුණානම් කියා අසම්භාව්‍යය ක්‍රියාවක් ලෙස පවසනවාට වඩා මෙහිදී සැබවින්ම සිඳු වූ අත් වැරදිද පන්දු රැකීමේදී දකින්නට ලැබිණ.එය කුමන තත්ත්වයක් නිසා සිඳු වූවාද කියා දන්නේ නැත.ඒ අතරින් ට්‍රෙවින් මැතිව්ස් අතින් ගිලිහුණ උඩ පන්දුව ද පරාජයේ සාධකයක් ලෙස ගත හැකිය.


බංගලාදේශය අවසාන තරගයට පිවිසි ආකාරයේ තරගය ද පෙන් වූයේ කණ්ඩායම් සම්බන්ධයෙන් පුහුණු කාර්ය මණ්ඩලයේ සිට තීරණ ගන්නා වැරදි ආකාරයමය.ක්‍රීඩකයන් පීඩනය හමුවේ නිවැරදි නොවන පීඩනය මත අත් වැරදි කරන ස්වභාවයය.තරගය සුපිරි පන්දු ඕවරය දක්වා ගමන් කරන්නේ නැතිව ජය ගැනීමට තිබුණ ඉඩ බංගලාදේශය වරද්දා ගත්තේ අවසාන මොහොතේදී පහසු උඩ පන්දු බිම දමමින් නොනැවති ඒවාට හතරේ ඒවාද ලබා දෙමින්ය.අවසාන පන්දුවට ලකුණු 3 ක් ලබා අවශ්‍යයව සිටියදී නොදැවි ලකුණු 2 ක් ලබා ගන්නට ඉඩ දී,එක ලකුණකින් තරගය ජය ගන්නට තිබුණු හැකියාව බංගලාදේශ නායකයා කල්පනා නොකර දුවද්දී දැවීයාමක් ලබන්නට උත්සාහ කිරීම තුළින්ය.


ඉනික්බිතිව ඉන්දියාව තමන්ගේ ලකුණු යන්තරය බවට පත් වී සිටින විභාව් සූරියවංශිව සුපිරි පන්දු ඕවරයට පන්දුවට පහර දීමට ඉදිරිපත් කළේ නැත.සුපිරි පන්දු ඕවරය සහ දැවී යාම් දෙකක් ලෙස මේ තරගාවලියේදී ලැබෙන අවස්ථාවන් ද සීමා කර තිබෙන අතර මේ තරගය බංගලාදේශයට දෙවන අවස්ථාවේදී ජය ගන්නට මඟ පෑදුව රිපොන් මන්දෝල් සුපිරි ඕවරයේ පළමු පන්දු දෙකෙන්ම කඩුලු ලබා ගනිමින් ඉන්දියාවේ ලකුණු ප්‍රමාණය බිංදුවක් බවට පත් කළේය.ඉනික්බිති බංගලාදේශය මුහුණ දුන් පළමු පන්දුවෙන්ම යසීර් අලි හයේ පහරක් එල්ල කරන්නට ගොස් දැවී ගිය අතර අවසානයේ ජය තහවුරු වූයේ සුයාස් ෂර්මා යැවූ වයිඩ් පන්දුවකින්ය.


ශ්‍රි ලංකාව සහ පකිස්තානය අතර පැවති අවසාන තරගයේ ලකුණු පූවරුවට මෙතනින් පිවිසිය හැකිය.
https://bit.ly/48cYanu
බංගලාදේශය සහ ඉන්දියාව අතර තරගයේ ලකුණු සටහනට පහතින් පිවිසෙන්න
https://bit.ly/3Xc9A5V

ඡායාරූපවලින් දැක්වෙන්නේ පිට ඉන්නෙන් පිටතට යන පන්දුව මිලාන් රත්නායකගේ පා ඉන්නේ දැවෙන අවස්ථාව සහ එය දැවී යාමක් ලෙස බංගලාදේශ විනිසුරු මොහොමඩ් අලි ඛාන් නම් කළ අවස්ථාවයි.එම අවස්ථාව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ෆේස්බුක් පිටුවේද එම විස්තර විචාරය ඇතුළත්ව වීඩියෝවක් ලෙස දැක්වෙන අතර එය පහත සඳහන් සබැඳියෙන් දැක ගන්නට හැකිය.
https://bit.ly/3XcadMP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැකි පළමු අවස්ථාවේදීම අපි මේ ආණ්ඩුව පෙරළනවා – නාමල් රාජපක්ෂ අභියෝග කරයි

තමන් මේ ජනබලය, ජනමතය ගොඩනඟන්නේ හැකි පළමු අවස්ථාවේදීම ආණ්ඩුව...

වැසි තත්වයේ වැඩිවීමක් – අද (22) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින...

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...