බංග්ලාදේශයට බලපෑ රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් පස් දෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ ඩකා අගනුවර ආසන්නයේ සිදුවූ රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රභල භූමිකම්පනයක් හේතුවෙන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 100 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම භූමිකම්පාව මෑත ඉතිහාසයේ සිදු වූ විශාලතම භූමිකම්පා වලින් එකක් ලෙස සලකන අතර ඩකා සිට කිලෝමීටර් 33 ක් (සැතපුම් 16) පමණ දුරින් පිහිටි නර්සිංඩි නගරය අසල රික්ටර් පරිමාණයේ 5.5 ක භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) තහවුරු කර ඇත.

භූ කම්පනය හේතුවෙන් මිලියන 170 කට අධික මුස්ලිම් ප්‍රජාවක් ජිවත් වන ඩකාහි නිවාස හා ගොඩනැගිලි වලට බලපෑම් එල්ලව ඇති අතර එහි අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 325 කට වඩා දුරින් පිහිටි ඉන්දියාවේ කොල්කටා නගරය දක්වා මෙම කම්පනය දනී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...