හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….

මීට අවුරුදු තුනකට කලින් එළියටවත් බහින්න බැරිව හිටපු රාජපක්ෂලා අද නුගේගොඩ ටවුන් එක මැද මහ රැළියක් කරා..

මේක ආන්ඩුවෙ බැරිබැරියාවට, පච පම්පෝරියට, කිසිම සැලැස්මක් නැතිකමට වැදුනු මාරාන්තික ටොක්කක්..

ආන්ඩුව හිතාගෙන හිටියේ තමන්ට චන්දෙ දීපු හැට අට ලක්ෂය යනු පරණ සීයට තුනවගේ අනුරවාදෙ, ටිල්වින්වාදෙ දනගහලා පිළිඅරන් සදාකාලිකවම තමන්ගාවට ගාල් වෙච්ච පිරිසක් කියලා..

එහෙම මගුලක් නෑ.. මිනිස්සුන්ට මේ ආන්ඩුව තිබ්බ ඒවාට වඩා පජාතියි කියලා දැනුන ගමන් චන්දෙ දීලා මේක වඩම්මපු දෑත්වලිම තමා මේක උස්සලා පොලොවෙ ගහන්නෙත්..

මම රාජපක්ෂලට කැමති නෑ.. ඒ උනාට ආන්ඩුවෙ උද්දච්චකමට පුහු ඉදිමිච්චකමට මේක හොඳ පාඩමක්..

ආන්ඩුව මින් ඉදිරියට විරුද්ද මත දරන අයට තණකොල මිටි එල්ලනව වගේ ගෝත්‍ර වැඩ නොකර ඉන්නවනම් වඩාත් හොඳ වෙයි, මොකද දැන් වැඩේ යන විදියට ආන්ඩුවෙ අයට ඔය එල්ලන තණකොලම ආපහු කන්ට වෙන්ටත් පුලුවන් ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...