විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල වැඩි කරයි!

0
562

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW :

මේ දිනවල පොල් ගස් දහස් ගනනකට රෝගයක් බෝවී අති අතර, එම විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල රුපියල් දස දහසක් දක්වා වැඩිකර ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි. ඒ සඳහා මීට පෙර ඒ සඳහා දෙනු ලැබුවේ රුපියල් තුන් දහසකට ආසන්න මුදලක් බව පැවසේ.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා සඳහන් කළේ, මේ අතර මාතර දිස්ත්‍රික්කයෙන් – වැලිගම කොලමැලවීමේ රෝගය – වැළඳුන ගස් පන් දහසක් හඳුනාගෙන ඇති බවත්, ඉවත් කරන ගස් සඳහා ප්‍රතිරෝධී ශාඛ ලබාදෙන බවද සභාපතිවරයා කියා සිටී.