නගර තුනක ආණ්ඩු විරෝධී ජනරැළි තුනක් ළඟදීම අපි පවත්වනවා – නාමල්

0
1120

රෂිකා හෙන්නායක නොවැම්බර් 22 කොළඹ LNW :

ඒකාබද්ධ විපක්ෂයෙන් තවත් ප්‍රධාන ජනරැලි තුනක් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ

ඊයේ (21) නුගේගොඩ පැවති මහා ජනරැළියේ සාර්ථකත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ තවත් ප්‍රධාන පෙලේ නගර තුනක එබඳු ආණ්ඩු විරෝධී ජනරැළි තුනක් සංවිධානය කිරිමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීය.

ඔහු අවධාරණය කළේ, ඉන් පළමුවන ජනරැළිය රත්නපුර නගරයේදීත් දෙවන ජනරැළිය මාතර නගරයේ දිත් තුන්වන ජන රැළිය කුරුණෑගල නගරයේදීත් පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.