පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන් සුන්බුන් අතර සිරවී තිබූ තවත් මළසිරුරු දෙකක් සොයාගෙන තිබේ.

ඒ අනුව මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

අද පෙරවරු 09.00ට පමණ පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් හා ගල් පෙරළීමෙන් මෙම අනතුර සිදුවූ අතර සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා ඒ මොහොතේ සිටම මෙහෙයුමක් ආරම්භ කෙරිණි.

එහිදී මුදාගනු ලැබූ පුද්ගලයින් 4 දෙනෙකු මේ වනවිට මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

සුන්බුන් අතර සිරවූ තවත් කිහිපදෙනෙකු සෙවීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක ය.

මෙම ප්‍රදේශයේ පවතින අවදානම් තත්වය හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට (23) පස්වරුව දක්වාම තාවකාලිකව වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම්. හේරත් මහතා ප්‍රකාශ කළේය.

“මාර්ගය දෙපැත්තෙන්ම අපි වහලා තියෙන්නේ. අපි උත්සාහ කරනවා ඉරිදා දින හවස්වරුව වෙනකොට කොහොම හරි මේක විවෘත කරගන්න. මොකද ලොකු ගල් කුට්ටියක් තාම අස්ථාවර විදිහට තියෙන්නේ. ඒක කොන්ක්‍රීට් කණු උඩ රැඳිලා තියෙන්නේ. සමහරවිට ඒක නැවතත් පහළට පතිත වීමේ ඉඩක් තියෙනවා. ඒ නිසා මාර්ගය දැනට විවෘත කරන්න තරම් අපිට ආරක්ෂාකාරී නෑ. ඒ නිසා අපි පොලිස් නිලධාරීන් යොදවලා එන වාහන අතුරුමාර්ග වෙත යොමු කරලා ගමන් පහසුව සලසා දී තිබෙනවා.

ඒ වගේම සඳුදා දිනයේ අපිට ගැටලුවක් තියෙනවා උසස් පෙළ සිසුන් විභාගය සඳහා යන දරුවන් එනවා. ඒ නිසා ඒ අය වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා මාර්ගයේ කොටසක් විවෘත කරලා, මාවනැල්ල ඩිපෝවෙන් බස් රථ ආරම්භ කරලා ඒ දරුවන් සහ විශේෂයෙන්ම ගුරු භවතුන් සඳහා මාර්ගයේ කොටසක් හෝ විවෘත කරලා දෙන්න.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට මඩ ගහන්නේ පාපිෂ්ඨ කල්ලියක්. 500%ක් විශ්වාසයි ජනතාව ඉන්නේ අපේ ආණ්ඩුවත් එක්ක – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල සෝදුපත් නොබැලූ පොතක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා...

නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය...

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...