ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය ජනපති රනිල්ට (Photos)

Date:

2024 වන විට පළාත් නවයම ආවරණය වන පරිදි බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරමින් එහි සාමාජිකත්වය ලක්ෂ 02ක් දක්වා වැඩි කර ගැනීමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය සහ අනුශාසක ධූරය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ අතර එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් නිල කර ලේන්සුව හා ප්‍රධාන බාලදක්ෂ පදවියට අදාළ පත්වීමේ අක්තපත්‍රය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

බාලදක්ෂ ව්‍යාපාරයේ වර්තමාන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

මෙහිදි අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ 75 වන නිදහස් සැමරුම සඳහා බාලදක්ෂ ව්‍යාපාරයේ පූර්ණ දායකත්වය ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.

ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන පරිසරය සම්බන්ධ වැඩසටහන්වලට එක්වන ලෙස ද ජනාධිපතිවරයා බාලදක්ෂ, බාලදක්ෂිකාවන් වෙත ආරාධනා කළේය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට අනුබද්ධ හෝමාගම දිසා ශාඛාවේ 60 වන සංවත්සරය වෙනුවෙන් වූ සමරු පදක්කම පෝතක බාලදක්ෂිකා තිතුලු කත්‍යා දැරිය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබුවාය.

ඊට අදාල සමරු කලාපය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එස්.එස්. මුහීඩ්, විධායක කමිටු සභාපති රන්සිරි පෙරේරා ඇතුළු නිලධාරීන්ද, හෝමාගම බාලදක්ෂ දිසා කොමසාරිස් ආචාර්ය අනිල් පෙරේරා, නව දිසා කොමසාරිස් කේ.ඒ. චන්ද්‍රපද්මා, සහය දිසා කොමසාරිස් සුරංග හඳපාන්ගොඩ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...