Wednesday, November 30, 2022
spot_img

Latest Posts

QR කේත ක්‍රමය අවසන් කෙරෙනවාද ? – බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉන්ධන නිකුත් කිරීමේදී දැනට ක්‍රියාත්මක QR කේත ක්‍රමය අවසන් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණු පරිදි ලබන මාසයේ සිට QR කේත ක්‍රමය නැවැත්වීමක් සිදුනොවන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එසේම රටේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවයම සපුරා දීමට හැකියාව ලැබෙන තුරු QR කේත ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.