බැසිල් පිළිගන්න ගිය පොලිස් කොමිසමේ සභාපති දැන් කියන කතාව (VIDEO)

Date:

ඇමරිකාවේ සිට යළි මෙරටට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාව පිළිගැනීම සඳහා එම පක්ෂයේ මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් පෙරේදා (20) දිනයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොස් තිබිණි.

එම පිරිස අතර ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා සහ එම කොමිසමේ සාමාජික එන්. පී. පී. පෙරේරා මහතා ද සිටි අයුරු වීඩියෝ පටවල දක්නට ලැබිණි.

මේ පිළිබඳව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රශ්න කළ අතර සභාව එයින් උණුසුම් විය.

ස්වාධීන කොමිෂන් සභාවක් වන ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා වන චන්ද්‍රා ප්‍රනාන්දු මහතා දේශපාලනඥයකු වන බැසිල් රාජපක්ෂ මහතාව පිළිගැනීම සඳහා ගුවන් තොටුපලට ගියේ ඇයි දැයි නිව්ස් ෆස්ට් මාධ්‍ය ආයතනය කළ විමසීමකට ඒ මහතා පිළිතුරු දී තිබුණේ පහත සඳහන් ආකාරයෙනි.

“මම එ දා හිටියේ කටුනායක. කටුනායක ඉන්නකොට තමයි මට ආරංචියක් ලැබිලා මම බලන්න ගියා. එච්චරයි. ඊට වඩා දෙයක් නෑ. එක එක්කෙනා එක එක විදියට අහනවා, තේරුණාද ? එතන ඇවිල්ලා ඉන්නකොට කට්ටියක් එතන ඉන්නවායි කියලා කියලා තිබ්බා. මමත් ඒක බලන්න ගියේ. එක දවසක්වත් මගේ පක්ෂපාතීත්වයක් මම පෙන්වලා නෑ වැඩවලදී. දේශපාලනය ගැලී තියෙන කෙනෙක් නෙවෙයි මම”

“මගේ තනතුරත් එක්ක ගැටලුවක් වෙන්නෙ නෑ. මොකද මගේ තනතුරයි මම වැඩකරන ආකාරයයිනෙ වැදගත් වෙන්නෙ. එතන ඇවිල්ලා හිටියේ චන්ද්‍රිකා මැඩම් නම් මම ඒත් ගිහින් බලනවා. මොකද මට ආරංචිය ලැබුණෙ මිනිස්සු කෑගහන්න ඉන්නවා කියලා. මම ඒක තමයි ගියේ එතෙන්ට මොකක්ද කියලා බලන්න. එහෙම දෙයක් තිබුණෙම නෑ, බොරුවක් කියලා තියෙන්නෙ. මම බලන්න ගියේ මොකක්ද මේ කලබලේ කියලා. ඔව් මම ඇතුළටම ගියා, එහෙම කිසිදෙයක් තිබුණෙ නෑ එතන. මම දැක්කා බැසිල් මහත්තයා ඉන්නවා. හලෝ කිව්වා, මම ආවා. අපි රජයේ සේවකයොනෙ. රනිල් වික්‍රමසිංහ මහත්තයා දැක්කත්, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දැක්කත්, සජිත් ප්‍රේමදාස මහත්තයා දැක්කත්, සරත් ෆොන්සේකා මහත්තයා දැක්කත් අපි කතා කරනවා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...