ඉන්දුනීසියාවේ භූමිකම්පාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළට

Date:

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ ඇති වූ රිච්ටර් මාපකාංග 5.6 ක භූමිකම්පාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රාදේශීය ආණ්ඩුකාර රිද්වාන් කමිල් මාධ්‍ය වෙත වාර්තා කර තිබේ.

මින් තුවාල ලැබූවන් සංඛ්‍යාව සිය ගණනකි. 13,000 කට වැඩි පිරිසක් අවතැන්ව ඇති අතර නිවාස 2200කට අධික සංඛ්‍යාවකට හානි සිදු වී ඇත.
අනතුරු වලට ලක්වූ බොහෝ දෙනෙක් රෝහල් වෙත ගෙන ගොස් ඇති අතර තවත් සමහර දෙනෙක් එළිමහනේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කඩා වැටුණු ගොඩනැගිලි යට තවමත් සිරවී ඇතැයි සිතිය හැකි අනෙක් අය බේරා ගැනීමට සහන කරුවන් රාත්‍රිය දක්වා වෙහෙසෙමින් සිටින බව වාර්තා වේ.

නිශ්චිත මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් පරස්පර වාර්තා පවතින අතර, ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් තුවාල ලැබූවන් සහ මරණ සංඛ්‍යාව වැඩි වීමට ඉඩ ඇත.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර දෙකකට පසුව බෙත්ලෙහෙමටත් ඔන්න නත්තල්!

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ගාසා තීරය පුරාවට...

මහනුවර පිළිකා සංගමය සඳහා ඉන්දියන් රජයේ පරිත්‍යාගයක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW: පිිළිකාවෙන් පීඩිතව ප්‍රතිකර...

සංචාරක පැමිණීමේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : 2025 වසරේ ගතවූ...

ත්‍රිකුණාමලය ගොවීන්ට වන්දි ගෙවා අවසන්!

කොළඹ LNW:දිට්වා සුළි කුනාටුව හේතුවෙන් හානි වූ වගාවන් සඳහා...