*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

වොලිබෝල් සූරයන් අතරට ගන්කන්දත්

මෙවර සමස්ත ලංකා පාසල් වොලිබෝල් සූරතාවලියේ සූරියන් අතරට පළමුවරට එක් වන්නට පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විදුහලට හැකි වුණා.2019 දී අවුරුදු 20 න් පහළ අනු සූරතාවයක් දිනා සිටි ඔවුන්ට මෙවර අලුත්ම කණ්ඩායමක් සමඟින් අවුරුදු 20 න් පහළ සූරියන් වෙන්නට හැකි වීම කැපී පෙණුනා.පාසල් වොලිබෝල් සංගමයේ වත්මන් සභාපතිවරයා ද වන සූධිර ෆොන්සේකා විදුහල්පති දූරය දරන්නේ ගන්කන්දය. මේ ජයග්‍රහණ කරා මෙහෙයවන පුහුණුකරු වන්නේ අනුර පතිරණයි.
ලංකාවේ මෑත ඉතිහාසය ගත් විට බොහෝ පාසල් ජාතික තලයේදී දක්ෂතා අතරට පැමිණ ජයග්‍රහණ ලබා ගත්තත්,ඒවා බොහෝ විට විදුහල්පතිවරුන් හෝ පුහුණුකරුවන් ඉවත්ව ගිය පසු අභාවයට යන බව දැක ඇත.ඉතා ඉහළින්ම වැජඹුණ මාදම්ප සේනානායක වැනි විද්‍යාලයක් පවා අද පෙර තිබූ වොලිබෝල් සංස්කෘතියෙන් ඉවතට තල්ලු වී ඇත්තේ ඒ වෙනුවෙන් අවශ්‍යය කැපවීමෙන් ඈත් වී යාම නිසාය.
මේ ආකාරයට මෑත කාලයේ වැඩි අවධානයක් වොලිබෝල් දස්කම් හරහා දිනා සිටින අම්පාර තිස්සපුර විද්‍යාලය අවුරුදු 18 න් පහළ බාලිකා සහ අවුරුදු 16 න් පහළ බාලිකා සූරතා ද්විත්වයම දිනා ගත්තා.මෙම පාසල පුද්ගල කේන්ද්‍රීයව පවතින එකක් නොවන්නටනම් එම කළාප කාර්යාලවල සිට ඉසුරුපාය දක්වාම සිටින බලවත්තු අවධානයෙන් බලා ගැනීම වැදගත් වෙනවා.පහසුකම් මෙන්ම එහි පවතින දක්ෂතාවයන් යාවත්කාලීන කළ හැකි පරිද්දෙන් කරන වෙනස් කිරිම් ඊට අදාළ කර ගත යුතු වෙනවා.
තරගාවලියේ අවුරුදු 20 න් පහළ පිරිමි සූරතාවය තරගාවලියේ සංවිධාන බර කරට ගත් රුවන්වැල්ල රාජසිංහයම තබා ගත්තා.18 න් පහළ සූරතාවය හිමි වුණේ සීඳුව දවිසමර විද්‍යාලයටයි.අවුරුදු 16 න් පහළ සූරතාවය නාත්තණ්ඩිය ජනාධිපති විදුහල දිනා ගත්තා.
තරගාවලියේ කණ්ඩායම් අතර සූරතා බෙදී ගිය ආකාරය පහතින් දැක්වෙනවා.
20 න් පහල බාලක
ශුරතාවය.
රාජසිංහ ජාතික පාසල රැවන්වැල්ල
අනු ශුරතාවය
ජෝශප් වාස් විදුහල වෙන්නප්පුව
තෙවන ස්ථානය
ධමිස්සර ජාතික පාසල නාත්තන්ඩිය
18 න් බහල
දවිසමර ම වි සිදුව – ශුරතාවය
රාජසිංහ ජාතික පාසල රැවන්වැල්ල- අනු ශුරතාවය
ශුරි සේන විදුහල ඉඹුලාන- තෙවන
ස්ථානය
16 න් පහල
ජනාධිපති විදුහල නාත්තන්ඩිය ශුරතාවය
වලගමිමා ම . විදුහල ගලපිටමඩ අනු ශුරතාවය
ම.ම. විද්යාලය කුලියාපිටිය තෙවන ස්ථානය

20න් පහල කාන්තා
ගන්කන්ද ම ම විදුහල රත්නපුර ශුරතාවය
විජයබා ජාතික පාසල හුංගම අනු ශුරතාවය
මහඋස්සාවැව රතනපාල විදුහල පුත්තලම තෙවන ස්ථානය
18 න් පපහල බාලිකා
තිස්සපුර ම විදුහල අමිපාර ශුරතාවය
ජාතික පාසල වලස්මුල්ල අනු ශුරතාවය
ම ම ම විදුහල හේනේගම තෙවන ස්ථානය
16 න් පහල බාලිකා
තිස්සපුර ම විදුහල අමිපාර ශුරතානය අමිපාර
විජයබා ජාතික පාසල අනු ශුරතාවය හුංගම
මලියදේව ආදර්ශ විදුහල තෙවන ස්ථානය කුරැණැගල



(ඡායාරූප උපුටා ගැනීම සුසිල් රණසිංහයන්ගේ මුහුණු පොතෙනි.)

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan