75 වැනි නිදහස් දිනය වෙනුවෙන් මහජනතාවට විශේෂ අවස්ථාවක් …

0
305

75 වැනි නිදහස් දිනය යෙදී තිබෙන 2023 පෙබරවාරි 04 වනදා මහජනතාවට විශේෂ අවස්ථාවක් සලසා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව එදින ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන හා විනෝද ස්ථාන / උද්‍යාන නොමිලේ නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබාදීමටත් එදින රටපුරා පිහිටි සිනමා ශාලාවල ප්‍රවේශපත්‍ර ගාස්තු 50% කින් අඩුකර චිත්‍රපට නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

RN