පැරදීලා පලාගියේ නෑ. මා කවදාවත් වෙනස් වුණේ නෑ – මහින්ද පාර්ලිමේන්තුවේ කියයි (VIDEO)

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති අයවැයට සංශෝධනයන්ට එකඟව සියලු දෙනාම සහාය දැක්විය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

එසේම ප්‍රශ්න, අභියෝග හමුවේ තමන් ජනතාව අත්හැර පලා නොගිය බවත්, එසේ නොයන බවත් ඒ මහතා සඳහන් කළේය.

“යහපාලන ආණ්ඩුව අපිට දරන්න බැරි තරම් ණය ගත්තා. ඒක රටටත් මේ සභාවටත් රහසක් නෙමෙයි. අද ආර්ථිකය හදන්න අදහස් ඉදිරිපත් කරන ඇතැම් අය එදා ඒ ආණ්ඩුවේ හිටියා. වගකීම් අරන් කරන්න කිව්වහම බෑ කියනවා. ඒ අය කැමති හැමදාම ජනප්‍රිය පැත්තේ ඉන්න. අපිට ඒ වගේ වීරත්වයක් වැඩක් නෑ. ප්‍රශ්න අභියෝගවලට මුහුණදෙන එක අපේ ප්‍රතිපත්තය. අපේ මේ මොහොතේ ජනතාව අතහැරලා පැනලා ගියේ නෑ, එහෙම යන්නෙත් නෑ. අපි රට භාරගත්තේ ණය කන්දක් මැද. එහෙම අරගෙන අද වෙනකල් දුෂ්කරතා මැද රට ඉදිරියට ගෙන යන්න අවශ්‍ය සහාය දීලා තියෙනවා. ඉදිරියටත් එකේ වෙනසක් වෙන්නේ නෑ”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද (22) අයවැය විවාදයට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මානුෂිය ආධාර කප්පාදුව හේතුවෙන් මරණ මිලියන 14කින් ඉහල යන ලකුණු

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...