*
Sunday, October 20, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/22

1. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සාමාජිකයන් 09 දෙනෙකුට එරෙහි විනය ක්‍රියාමාර්ග අවසන් වනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ඔවුන්ගේ සාමාජිකත්වය අත්හිටුවා ඇති බව එම පක්ෂයේ මහලේකම් පා.ම. දයාසිරි ජයසේකර ප්‍රකාශ කරයි.

2. රථවාහන වැරදි සඳහා අකුසලතා ලකුණු (de-merit points) ක්‍රමයක් 2023 ජනවාරි සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කරයි – අකුසලතා ලකුණු (de-merit points) 24 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා අයගේ රියදුරු බලපත්‍රය තීරණය කළ කාල සීමාවකට අවලංගු කෙරේ.

3. නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක සඳහන් කරයි – දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් හා ගෝලීය අගය දාමයන් සමඟ ශ්‍රී ලංකාව ඒකාබද්ධ කිරීමේ ජනාධිපතිවරයාගේ අපේක්ෂාව මෙය බව ද පවසයි.

4. 2022 අප්‍රේල් මුලදී ඇ.ඩො. බිලියන 10.7 ක විශ්වාසනීය, අපේක්ෂිත ආයෝජන ගලා ඒමක් තිබියදීත්, රට බංකොලොත් බව ප්‍රකාශ කළ අය සැබෑ ආර්ථික ඝාතකයන් බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරයි – මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මෙසේ “බංකොලොත්භාවය” නිවේදනය කළ වූවන් වෙති.

5. ශ්‍රී ලංකාවේ “ප්‍රධාන බාලදක්ෂ පදවිය,” ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම සිදු වෙයි.

6. 2023 අයවැය දෙවැනි වර කියවීමට විරුද්ධව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමඟි ජන බලවේගය තීරණය කරයි!

7. සන්සන්දනාත්මක වෙනස මත ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (NCPI) වසරින් වසර වෙනසට (YoY) අනුව මූලික උද්ධමනය සැප්තැම්බර් මාසයේ සියයට 73.7 සිට ඔක්තෝබර් මාසයේ සියයට 70.6 දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි – ජීවන වියදම අඩු වී නොමැති බව පෙන්නුම් කරන දර්ශක අගය (index value) තවමත් ඉහළ මට්ටමක පවතී.

8. ජල සම්පාදන අමාත්‍ය උපදේශක කමිටුව තවත් ජල ගාස්තු ඉහළ නැංවීම සඳහා වූ යෝජනාව පිළිබඳ සලකා බලයි! බෝතල් කළ ජලය සඳහා අය කිරීමට යෝජිත නව බදු ගැන ද සාකච්ඡා කරයි.

9. ඇඹිලිපිටියේ අක්කර 10,000ක කංසා වගා කිරීමට යෝජිත ව්‍යාපෘතිය රජයට ක්‍රියාත්මක කිරීමට ඇඹිලිපිටියේ මහා සංඝරත්නය සහ බෞද්ධ ජනතාව ඉඩ නොදෙන බව රාමඤ්ඤ නිකායේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

10. සාරිය හැර වෙනත් ඇඳුමකින් පාසල් ගිය බව පවසන ගුරුවරියන් කිහිප දෙනෙකුගේ ඡායාරූප ඇතුළත් පෝස්ටු සමාජ මාධ්‍යවල පළ වේ – ගුරුවරුන්ගේ ඇඳුම් ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මීට පෙර ස්ථිරව ප්‍රකාශ කර තිබුණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan