2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම

Date:

අද පස්වරු 5ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ලබන වසර සඳහා වන අයවැය පසුගිය 14 වන දින මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 15 වන දින ආරම්භ වූ අතර 07වන දිනටත් අද දිනයේ විවාදය පැවැත්වීමට නියමිත අතර විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙට (23) දිනයේ සිට දෙසැම්බර් 08 වන දින දක්වා දින 13ක කාලයක් පැවැත්වෙන අතර තුන්නන වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 5ට පැවැත්වීමට නියමිතය.

අයවැය දෙවන වර කියවීමේ විවාදයේදී එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ජාතික ජනබලවේගය ද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව ද තීරණය කර තිබේ.

මෙවර අයවැය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ බොහෝ මන්ත්‍රීවරුන් පිරිසක් සහාය දැක්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

මේ අතර, උත්තර සභාගයේ මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

කෙසේවෙතත් අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් ආණ්ඩුව ජයග්‍රහණය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (21) පවසන ලදී.

රෂිකා හෙන්නායක
2022.11.22

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...