*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

හැරයනු වෙනුවට ගෙනියනු හැකි ගිහිගෙයක්; පෝටබල් හෝම්ස්

කට්ටියට මතක ඇති පොඩි උන් කාලෙ උගන්වනවා , තැනින් තැනට රැගෙන යා හැකි දේවල් සහ රැගෙන යා නොහැකි දේවල්  කියලා කැටගරියක්. අරගෙන යන්න පුළුවන් දේවල් අන්ලිමිටඩ් මතක් වෙනවා. අරගෙන යන්න බැරි දේවල් තොග ගණන් නෑ. ඇත්තම කිව්වොත් බිල්ඩින් තැනින් තැනට අරගෙන යන්න බැරි ලොකුම   ලොකු දෙයක්. ඊළඟ එක පාරවල්. 

 ගෙයක්, ඉස්කෝලයක්, හොස්පිට්ල් එකක්  ඔය කියන බිල්ඩින් එකක්වත් එහෙට මෙහෙට පටවගෙන යන්න බෑ. බෑ ? ඔව් මීට අවුරුදු සීයයකට කලින් නම් බෑ.  හැබැයි විශ්වාස කරන්ඩ, දැන් බිල්ඩින් කියන ජාතිය ලොරිවල පටවගෙන ගිහින් කැමති කැමති තැන්වල ප්ලාන්ට් කරන්ඩ පුළුවන්. ‘පෝර්ටබල්’ කියල වචනයක් අහල ඇති. හාඩ් ඩිස්ක්, වයි-ෆයි රවුටර්ස්, ඒසී මේ ඔක්කොම පෝර්ටබල් වර්ශන්වලින් තියෙනවා. අවුට්ඩෝ ෆන්ශන් එකක් තිබ්බොත් අපි අනිවාර්යයෙන් පෝර්ටබල් ටූල් එකකට යනවා. Baltimora කතා කරන්නෙ ‘ඇවිදින ගෙවල්’ ගැන. එහෙම නැත්තං පෝර්ටබල් හෝම්ස් ගැන. 

වාහනයක් ඇතුළෙ හදාගත්ත ගෙයකට , ‘කැරවෑන්’ කියල කියනවා. ඒක අපේ රටට කොමන් දෙයක්. හැබැයි මේ කියන්න යන්නෙ, ඒවා ගැන නෙවේ.  මහා විසාලෙට තට්ටු දෙකට හදපු ගෙයක පෝර්ටබල් වර්ශන්වලින් තියෙනවා කියල කට්ටියට විශ්වාස කරන්න වෙනවා. ‘ප්‍රී-ෆැබ් හවුසස්’ කියලත් මේවට කියනවා. මේ ක්‍රමේ පටන් ගන්නෙ දහ නම වන සියවසේ. ලන්ඩන්වල ජීවත් වෙච්ච කාපෙන්ටර් කෙනෙක් 1830දි වගේ පෝර්ටබල් කොටේජ් එකක් හදනවා. ඒක තමා දැනට හොයාගෙන තියෙන පළවෙනි පෝර්ටබල් හවුස් වර්ශන් එක. 

TikTok: @xjc22114

විසිවෙනි සියවස මැද වෙද්දි මොඩර්න් වර්ශන් එක පටන් ගන්නවා. බක්මින්ස්ටර් ෆුලර් කියන ඇමරිකන් ඉංජිනියර් පළවෙනි මොඩර්න් ‘ප්‍රී-බැක් හවුස්’ එකේ මොඩියුලර් එක හදනවා. තද බිත්ති, සම්පූර්ණ බාත් රූම් එකක් , ටෙරස් එකක් එහෙම මේ ගේ අස්සෙ තියෙනවා. දෙවන ලෝක යුද්ධෙ කාලෙ හමුදාව වෙනුවෙන් ෆුලර්ගෙ මේ ඉන්වෙන්ශන් එක පාවිච්චි කරලා තියෙනවා. ලී වෙනුවට වානේ, ඇලුමිනියම් , ප්ලාස්ටික් තමා යූස් කරල තියෙන්නෙ. ඓ හැදිච්ච මේවා දැන් වෙද්දි කාමර හතර පහ තියෙන මහා විසාල ගෙවල් බවට පත් වෙලා. ඒ කිව්වෙ, ‘ප්‍රීෆැබ් කිට් හෝම්ස්’ විදියට ඩිවෙලොප් වෙලා කියන එක. 

මේවා ඩියුරබල්ද? ඕක තමා කෙළිම්ම ඔළුවට එන දාර්ශනික ප්‍රශ්නෙ. මේ මොඩියුල් නිර්මාණය  වෙන්නෙම ටෙම්පරි සිද්ධ වෙන මොකක් හරි කාරණාවක් වෙනුවෙන්. සංචරණය වීම කියන්නෙම පොර්ටබල් වර්ශන් එකේ මේයින්ම පොටෙන්ශල් එක. ඒ නිසාම මේවා සාම්ප්‍රදායිකව ඉදිකිරීම්වලට ගන්න ද්‍රව්‍යවලට වඩා කල් පවතිනවාය කියල කියනවා. අධික වර්ෂාවටත් කුණාටුවලටත් ඔරොත්තු දෙන විදියට තමා වැඩේ ඩිවෙලොප් වෙලා තියෙන්නෙ. ඒ නිසා ෆුල් කොන්ෆිඩන්ට් පිට යූස් කරන්න පුළුවන් ආතල් තැනක් මේක. 

TikTok: @vinarcharchitecture

ටෙම්පරි මීටින් එකක් ගන්න, පොඩි පික්නික් එකක් ගිහින් ඉන්න , ඕනම භූමියකට වදයක් නොවී පොඩි කාලයක් ස්පෙන්ඩ් කරන්න මේක සිරා දෙයක්. දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න වුණත් පුළුවන් තත්ත්වෙකින් නිර්මාණය වෙන පෝර්ටබල් හෝම්ස් තියෙනවා. 

ලෝකෙ මිනිස්සු මේ හොයාගෙන යන්නෙ මොනවද කියල මිනිත්තුවක් අහලා බැලුවොත්, මේ කියන්නෙ ‘ යකෝ තොපි ඉඩංවලට මරාගත්තා ඇති’ කියලා නෙවේද? විනාඩියක් අරන් මේවා ගැන හිතල ඔලුව ටිකක් චව් චව් කරගත්තට කමන්නෑ ඔන්න!

BALTIMORA

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan