රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වැඩවර්ජනයක් !

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පසුගිය මාසයට අදාළ අතිකාල දීමනා කප්පාදු කර ඇති බවට චෝදනා කරමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බව සඳහන්.

ඒ අනුව අද (22) දහවල් සිට එම දෙපාර්තමේන්තුවේ සේවකයින් මෙසේ රාජකාරිවලින් ඉවත්ව වැඩවර්ජනය කරමින් සිටින බවයි වාර්තා වූයේ.

RN