ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (22) දිනයේදී අධිවේගී මාර්ගවල ප්රවේශපත් නිකුත් කිරීම, මුදල් අයකර ගැනීම ඇතුළු රාජකාරිවලින් ඉවත් වීමට අධිවේගී මාර්ග සේවකයින් තීරණය කර තිබේ.
ඒ අනුව ඔවුන් අද දිනයේදී අසනීප නිවාඩු ලබාගෙන උදෑසන 07.00 සිට රාත්රී 07.00 දක්වා සේවයට වාර්තා නොකර සිටින බව සඳහන්.
මෙම තත්වය මත යුද හමුදාව යොදවා එම මාර්ගවල රාජකාරි කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි අධිවේගී මාර්ග මෙහෙයුම් කාර්යාලය පවසන්නේ.
RN